Hot News

දුෂ්කර පාසල් සංවර්ධනය කීරිම සදහා තොරාගැනීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් කමිටුවේ අනුමැතියෙන්

දුෂ්කර පාසල් සංවර්ධනය කීරිම සදහා තොරාගැනීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් කමිටුවේ අනුමැතිය මත තොරා ගැනීම…

Hot News

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති අව්ශ්‍යාතාව සොයා බැලේ

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී…

Hot News

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ තීරු බදු යුරෝපා සංගමයේ රටවලට සහ මෙක්සිකෝව සඳහා 30% ක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තීරු බදු ප්‍රතිපත්තිය යටතේ යුරෝපා සංගමයේ රටවලට සහ මෙක්සිකෝව සඳහා…

Hot News

ගුවන් යානයේ එන්ජින් දෙකෙහිම ඉන්ධන කපා හැරීමේ ස්විචයන් “RUN” ස්ථානයේ සිට “CUTOFF” ස්ථානයට, මාරුකරලා

පසුගිය මාසයේ පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳ මූලික…

චීන හා යුරෝපා සංගම් ඉහළ පෙළේ පරිසර හා දේශගුණ විපර්යාස සංවාදයක

චීනය හා යුරෝපා සංගමය ඉහළ පෙළේ පරිසර හා දේශගුණ විපර්යාස සංවාදය පවත්වයි. චීන උප අග්‍රාමාත්‍ය ඩින්ග් ෂුවේෂ්‍යන්ග් මහතා සහ යුරෝපා කොමිසමේ විධායක උප සභාපතිනී තෙරේසා රිබේරා මහත්මිය විසින් ඒකාබද්ධව හයවන චීන ‍යුරෝපා ඉහළ පෙළේ පරිසර හා දේශගුණ විපර්යාස සංවාදය බෙයිජිංහිදී ඊයේ (15) පවත්වනු ලැබිණ.

එහිදී අදහස් දැක්වූ චීන උප අගමැතිවරයා පැවසුවේ චීනය සිය ආර්ථික හා සමාජ සංවර්ධනයේ පරිපූර්ණ හරිත පරිවර්තනයක් වෙනුවෙන් ගෙන ඇති ප්‍රායෝගික ක්‍රියා මාර්ග කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවයි. චීනය ගෝලීය පරිසර හා දේශගුණ පාලනයන්ට සහභාගීවීමට කාර්යක්ෂම පියවර ගෙන ඇති අතර හරිත හා අව කාබන් සංවර්ධනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කරන බවද හෙතෙම සඳහන් කළේය. ගැඹුරු හරිත හවුල්කාරීත්වයක් ගොඩනැංවීම වෙනුවෙන් යුරෝපා සංගමය සමග ඉහළ පෙළේ සංවාද හා හුවමාරු පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන උප අගමැතිවරයා පැවසීය.

චීනය සමග සහයෝගතා වර්ධනය කරමින් නව අවස්ථා සොයා ගැනීමට ක්‍රියා කරන බව යුරෝපා කොමිසමේ විධායක උප සභාපතිනී තෙරේසා රිබේරා මහත්මිය එහිදී පැවසුවාය. බහුපාර්ශ්වවාදයේ එල්බ සිටිමින් පැරිස් ගිවිසුම කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනයට අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය.
-CGTN Sinhala

දුෂ්කර පාසල් සංවර්ධනය කීරිම සදහා තොරාගැනීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් කමිටුවේ අනුමැතියෙන්


දුෂ්කර පාසල් සංවර්ධනය කීරිම සදහා තොරාගැනීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් කමිටුවේ අනුමැතිය මත තොරා ගැනීම සිදුකළ යුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.ඇය මේ බව සදහන් කළේ නැගෙනහිර පළාත නියෝජනය කරන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින්.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් සියලු දරුවන්ට රැකියා අවස්ථා ලබාදීම හා රැකියාවන්හී නිරත වන ගමන් උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා දෙන බවයි අග්‍රාමාත්‍ය වරිය පැවසුවේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල නව විෂය නිර්දේශයට පණක් සීමා නොකට , පාසල් යටිතල පහසුකම් සංවර්ධනය , ගුරුවරුන් පුහුණු කිරීම , ආදී විශේෂ කරුනු රැසක් පිළිබදව නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදුකරනු ලැබුවා

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති අව්ශ්‍යාතාව සොයා බැලේ

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණා. මෙම වැඩසටහන බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ.
පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන් අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥයින් පිරිසක් මීට එක්ව සිටියා. මෙම වැඩසටහන ජූලි 18 දක්වා පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව තවමත් න්‍යෂ්ටික ශක්තිය භාවිතය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත. නමුත්, අනාගත අවශ්‍යතාවයන් සලකා බලා එය භාවිතා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු නොනවත්වා ක්‍රියාත්මක කරමින් තිබෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි වැඩිදුරටත් කියා සිටියා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ තීරු බදු යුරෝපා සංගමයේ රටවලට සහ මෙක්සිකෝව සඳහා 30% ක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තීරු බදු ප්‍රතිපත්තිය යටතේ යුරෝපා සංගමයේ රටවලට සහ මෙක්සිකෝව සඳහා 30% ක තීරු බද්දක් පනවා තිබෙනවා.ප්‍රධාන පෙලේ හවුල්කරුවන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු මෙම තීරණය ගත් බව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශකොට තිබුනා..ඒ අනුව අගෝස්තු 1 වනදා සිට මෙම රටවල් සඳහා තීරුබදු ක්‍රියාත්මකවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්කලේ.
මෙම බදු පැනවීම පිලිබද දැඩි ලෙස අප්‍රසාදය පලකරන මෙක්සිකෝව සඳහන් කලේ මෙය අසාධාරණ තීරණයක් බවත් අවශ්‍ය උවහොත් මෙයට ප්‍රතිචාර දැක්වීමට උවද සූදානම් බවයි.

මෙම බදු පැනවීම පොලිබඳ ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයට හා මැක්සිකෝවට යැවූ ඔහුගේ ලිපිවලින් අනතුරු අගවා ඇත්තේ තම බදුවලට එරෙහිවන ඕනෑම පාර්ශවයකට පැනවූ බදු දෙගුණකින් වැඩි කිරීමට උවද සූදානම් බවයි.

ක්‍රීඩාංගනයකට සමාන විශාල ග්‍රහ වස්තුවක් පෘථිවියට ආසන්නව ගමනේ

V O 5 වී ඕ 5 ලෙස නම් කරන ලද විශාල ග්‍රහ වස්තුවක් පෘථිවියට ආසන්නව ගමන් කරන අතර එය තර්ජනාත්මක නොවන බව නාසා විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා . මෙය ආසන්න වශයෙන් මීටර් 370 ක පමණ විෂ්කම්භයකින් යුක්ත ක්‍රීඩාංගනයකට සමාන වෙ.
CARD
මෙහි ආසන්නතම ප්‍රවේශය ඊයෙ දින සිදු වූ අතර, එය පෘතුවියට කිලෝමීටර් මිලියන 1.5 පමනවි තිබෙ .මෙම දුරප්‍රමානය පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් 4 ගුණයකි . ප්‍රවේශමෙන් නිරීක්ෂණය කිරීමෙදි පෘථිවියට ආසන්න අවකාශයේ සැලකිය යුතු වස්තුවක් බවට පත්වි තිබුන අතර අවදානම් කලාපයෙන් ඔබ්බට ගමන් කළේය.නාසා හි ග්‍රහලෝක ආරක්ෂක වැඩසටහන යටතෙ එවැනි වස්තූන් පිලිබද ව පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දීමට සහ එහි බලපෑම් අවදානම් අවම කිරීමට නිරීක්ෂණය කරයි. මෙම සිදුවීම අභ්‍යවකාශ තත්ව පිලිබද දැනුවත්භාවය සඳහා ගෝලීය සම්බන්ධීකරණය සහ ආයෝජනයෙ අඛණ්ඩ අවශ්‍යතාවය අවධාරණය කරයි.මෙවර මෙම ග්‍රහකය කිසිදු තර්ජනයක් එල්ල නොකළද, අභ්‍යවකාශ සුන්බුන් සහ පෘථිවියට ආසන්න වස්තූන් ගෙ ගමන් පථයේ සහ කාල නියමයන් වෙනස්විය හකි බවින් අඛණ්ඩ සුපරීක්ෂාකාරිත්වය ඉතා වැදගත් බව විද්‍යාඥයින් අවධාරණය කරයි. 2005 දි විද්‍යාඥයින් විසින් මෙම ග්‍රහ වස්තුව සොයාගෙන තිබුනි.

පිරමීඩය උගුලකි – වැරදි මාර්ගයට නොයන්න.

ශ්‍රී ලංකා මහ බැංකුව පිරමීඩ විරෝධී ජාතික දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත්කෙරේ .එය හෙට සිට 18 දක්වා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.

එහි තේමාව වන්නේ: “පිරමීඩය උගුලකි – වැරදි මාර්ගයට නොයන්න.” යන්නයි . ජාතික මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගැනීම සහ මූල්‍ය පාරිභෝගිකයින්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙමගින් බලාපොරොත්තුවේ. තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සහ ඒවා පුද්ගලයන්ට සහ ආර්ථිකයට ඇති කරන ප්‍රබල අවදානම් පිළිබඳව පුළුල් දැනුවත්භාවයක් ඇති කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණයි. පාසල් සිසුන් සහ ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, රජයේ අංශයේ සේවකයින් ඇතුළු පොදු ජනතාව මෙම ජාතික දැනුවත්භාවයක් ඇති කිරීමේ ව්‍යාපාරයට සම්බන්ද කරගනු ඇත. දිවයින පුරා පාසල් 6,172 ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 ක් හරහා ප්‍රජා සම්බන්ධතා ක්‍රියාකාරකම් සිදු කරනු ලබන අතර, එමඟින් ප්‍රාදේශීය මට්ටමේ පුළුල් ප්‍රජා සහභාගීත්වයක් සහතික කෙරේ. දැනුවත් කිරීමේ සතිය පුරාවට, තහනම් පිරමිඩ යෝජනා ක්‍රමවලට අදාළ නීතිමය විධිවිධාන, එවැනි ව්‍යාපාර ආකෘතිවල රැවටිලිකාර ස්වභාවය සහ ව්‍යුහය, පිරමිඩ යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමේ අවදානම් සහ මූල්‍ය ප්‍රතිවිපාක, සැබෑ ජීවිත ගිණුම් සහ වින්දිතයින්ගේ වේදනාකාරී අත්දැකීම් පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කරනු ලැබේ. පුළුල් හා ඵලදායී ප්‍රවේශයක් සහතික කිරීම සඳහා බහු-වේදිකා මාධ්‍ය උපාය මාර්ගයක් භාවිතා කරනු ඇත.

ගුවන් යානයේ එන්ජින් දෙකෙහිම ඉන්ධන කපා හැරීමේ ස්විචයන් “RUN” ස්ථානයේ සිට “CUTOFF” ස්ථානයට, මාරුකරලා

පසුගිය මාසයේ පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳ මූලික වාර්තාව නිකුත්කෙරෙ .ගුවන් අනතුරක් සිදුවි මාසයක් ගතවිමට පෙර මුලික වාර්තාවක් හො නිකුත් කිරිම ජාත්‍යන්තර ගූවන්ගමන් පිලිබද නිතියයි.මෙම වාර්තාවට අනුව යානය ඉහළට ඔසවා තත්පර කිහිපයකට පසු එහි එන්ජින්වලට ඉන්ධන සැපයිම ක්‍රියා විරහිතවි ඇත.ඊට හෙතුව වන්නෙ , ගුවන් යානයේ එන්ජින් දෙකෙහිම ඉන්ධන කපා හැරීමේ ස්විචයන් “RUN” ස්ථානයේ සිට “CUTOFF” ස්ථානයට, මාරුකර තිබිමයි .එමගින් ඉන්දන සැපයිම නවතිනු ඇත. නියමු කුටියේ හඬ පටිගත කිරීම් පරික්ශා කිරිමෙදි ,එක් නියමුවෙකු අනෙකාගෙන් ඔහු කපා හැරීමේ ස්විචය එබුවේ මන්දැයි අසන බව ඇසෙනු ඇති බවත් . “අනෙක් නියමුවා ප්‍රතිචාර දක්වමින් ඔහු එසේ නොකළ බවත් ,” කියනු ඇසිය හැකිබව මෙම වාර්තාවෙ සඳහන් වෙ. තත්පර 10 කට පමණ පසු, ඉන්ධන ප්‍රවාහය එන්ජින් වෙත යථා තත්ත්වයට පත් කරන ලද අතර ස්වයංක්‍රීය නැවත ආරම්භ කිරීමේ අනුපිළිවෙල ආරම්භ කරන ලදී, නමුත් යානය කඩා වැටීම වැළැක්වීමට එම කාලය ප්‍රමාණවත් නොවු බවයි මෙම වාර්තාවෙන් පෙන්නාදෙන්නෙ .
ඉන් තත්පර කිහිපයකට පසු කළු පෙට්ටියෙ පටිගත කිරීම නතර වි ඇතිබවත් සදහන්වෙ. ගුවන් යානා ඉන්ජිනේරුවන් පවසන්නෙ මෙම සුවිචය කුමන හෙතුවක් නිසා හො ස්වන්ක්‍රියව වෙනස් නොවන බවයි. මෙම වාර්තාව පිලිබද දනටමත් විවෙචන එල්ලවන අතර ඉන්දීය ගුවන් නියමුවන්ගෙ සන්ගමය මෙ පිලිබද කනස්සල්ල පරකාශ කරමින් කියා සිටින්නෙ මෙම වාර්තාවෙන් ගුවන් නියමුවන් පිට වරද පැටවිමට උත්සාහ දරන බවයි.
පසුගිය ජුනි 12 දින මගීන් 230 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් මෙම එයාර් ඉන්දියා ගුවන් යානය එක්සත් රාජධානිය බලා යාමට ඉන්දියාවෙ අහමබාද් ගුවන් තොටුපලෙන් පිටවි තත්පර කිපයකට පසු ගොඩනැගිල්ලකට කඩා වැටුණු අතර, දිවි ගලවා ගත්තෙ එක් අයකු පමනි.

ක්‍රීඩාංගනයකට සමාන ග්‍රහ වස්තුවක් පෘථිවියට ආසන්නයෙන්

V O 5 වී ඕ 5 ලෙස නම් කරන ලද විශාල ග්‍රහ වස්තුවක් පෘථිවියට ආසන්නව ගමන් කරන අතර එය තර්ජනාත්මක නොවන බව නාසා විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා . මෙය
ආසන්න වශයෙන් මීටර් 370 ක පමණ විෂ්කම්භයකින් යුක්ත ක්‍රීඩාංගනයකට සමාන වෙ.
මෙහි ආසන්නතම ප්‍රවේශය ඊයෙ දින සිදු වූ අතර, එය පෘතුවියට කිලෝමීටර් මිලියන 1.5 පමනවි තිබෙ .මෙම දුරප්‍රමානය පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් 4 ගුණයකි . ප්‍රවේශමෙන් නිරීක්ෂණය කිරීමෙදි පෘථිවියට ආසන්න අවකාශයේ සැලකිය යුතු වස්තුවක් බවට පත්වි තිබුන අතර අවදානම් කලාපයෙන් ඔබ්බට ගමන් කළේය.නාසා හි ග්‍රහලෝක ආරක්ෂක වැඩසටහන යටතෙ එවැනි වස්තූන් පිලිබද ව පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දීමට සහ එහි බලපෑම් අවදානම් අවම කිරීමට නිරීක්ෂණය කරයි. මෙම සිදුවීම අභ්‍යවකාශ තත්ව පිලිබද දැනුවත්භාවය සඳහා ගෝලීය සම්බන්ධීකරණය සහ ආයෝජනයෙ අඛණ්ඩ අවශ්‍යතාවය අවධාරණය කරයි.මෙවර මෙම ග්‍රහකය කිසිදු තර්ජනයක් එල්ල නොකළද, අභ්‍යවකාශ සුන්බුන් සහ පෘථිවියට ආසන්න වස්තූන් ගෙ ගමන් පථයේ සහ කාල නියමයන් වෙනස්විය හකි බවින් අඛණ්ඩ සුපරීක්ෂාකාරිත්වය ඉතා වැදගත් බව විද්‍යාඥයින් අවධාරණය කරයි. 2005 දි විද්‍යාඥයින් විසින් මෙම ග්‍රහ වස්තුව සොයාගෙන තිබුනි.

විෂයන් නවයටම A සාමාර්ථ ගත් සිසුන් 13392ක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.

මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි.

එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් 13,392ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසීය.

එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%කි.

සියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් සිටින බවද ඇය පැවසුවාය.

මේ අතර එක් එක් පළාත් අනුව වැඩිම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය 75.64%ක්ය.

එක් එක් පළාත් අනුව සමත් ප්‍රතිශත

බස්නාහිර  – 74.47%
මධ්‍යම  – 73.91%
දකුණු  – 75.64%
උතුරු  – 69.86%
නැගෙනහිර  – 74.26%
වයඹ  – 71.47%
උතුරු මැද  – 70.24%
ඌව  – 73.14
සබරගමුව – 73.44%  

මේ අතර ගණිතය විෂය 69.07%ක පිරිසක් සමත් වී ඇති අතර, විද්‍යාව විෂය 71.06%ක ප්‍රතිශතයක් සමත් වී තිබේ.

එමෙන්ම ඉංග්‍රීසි විෂයද 73.82%ක පිරිසක් සමත්ව සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය. 
   
විෂයන් අනුව සමත් ප්‍රතිශතය

බුද්ධර්මය 83.21%  
ශෛවනෙරි 82.96%  
කතෝලික 90.22%  
ක්‍රිස්තියානි 91.49%  
ඉස්ලාම් 85.45%  

ඉංග්‍රීසි 73.82%  
සිංහල භාෂාව හා සාහිත්‍ය 87.73%  
දෙමළ භාෂාව හා සාහිත්‍ය 87.03%  

ඉතිහාසය 82.17%  
විද්‍යාව 71.06%  
ගණිතය 69.07% 

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.

මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි.

එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් 13,392ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසීය.

එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%කි.

සියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් සිටින බවද ඇය පැවසුවාය.

මේ අතර එක් එක් පළාත් අනුව වැඩිම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය 75.64%ක්ය.

එක් එක් පළාත් අනුව සමත් ප්‍රතිශත

බස්නාහිර  – 74.47%
මධ්‍යම  – 73.91%
දකුණු  – 75.64%
උතුරු  – 69.86%
නැගෙනහිර  – 74.26%
වයඹ  – 71.47%
උතුරු මැද  – 70.24%
ඌව  – 73.14
සබරගමුව – 73.44%  

   
විෂයන් අනුව සමත් ප්‍රතිශතය

බුද්ධර්මය 83.21%  
ශෛවනෙරි 82.96%  
කතෝලික 90.22%  
ක්‍රිස්තියානි 91.49%  
ඉස්ලාම් 85.45%  

ඉංග්‍රීසි 73.82%  
සිංහල භාෂාව හා සාහිත්‍ය 87.73%  
දෙමළ භාෂාව හා සාහිත්‍ය 87.03%  

ඉතිහාසය 82.17%  
විද්‍යාව 71.06%  
ගණිතය 69.07% 

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ ජනපති සාකච්ඡාවක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (ජූලි 10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.