Hot News

ට්‍රම්ප් ගෙ US Aid තහනම නිසා දරුවන්ට දෙන්න තිබු ආහාර මෙට්‍රික් ටොන් 60 000 නරක් වෙලා

US Aid ලෙස ප්‍රකට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය ට්‍රම්ප් පරිපාලනයවිසින් විසුරුවා හැරීමෙන්…

Hot News

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර නෑ -අගමැති

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර    කරමින්…

Hot News

වසර අගදී ගෝලීය වෙළඳ භාණ්ඩ ප්‍රසාරණය මන්දගාමී වන බවට ලෝක වෙළඳ සංවිධානයෙන් පුරෝකථනයක්

2025 වසරේ පළමු කාර්තුවේ දී ගෝලීය වෙළඳ භාණ්ඩ පරිමාවේ ශක්තිමත් වර්ධනයක් වාර්තා කළ නමුත් වසර…

ඇසළ පෙරහැර සංස්කෘතික මංගල්‍යයක් වශයෙන් ගැසට් කිරීමේ යෝජනාවක්

නදීක දයා බණ්ඩාර – මහනුවර

සංස්කෘතික මංගල්‍යයක් වශයෙන් සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍ය ගැසට් කිරීමේ යෝජනාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මෙවර ඉදිරිපත් කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
හෙළ රජ පරපුරේ සිට අඛණ්ඩව පැවත එන දළදා පෙරහැර මංගල්‍යයේ පුරාණ සම්ප්‍රදායන් රැක ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වන බව ඒ මහතා පැවසුවේය.
දියවඩන නිලමේවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
දළදා පෙරහැරට අලි ඇතුන් සම්බන්ධ කර ගැනීම සියවස් ගණනාවක සිට පැවතෙන චාරිත්‍රයක් වන බව පෙන්වා දුන් ඒ මහතා අද වන විට පෙරහැරට දායක කර ගත හැකි හීලෑ ඇති අතුන් ප්‍රමාණය 91 දෙනෙකු දක්වා සීමා වී ඇතැයි පෙන්වා දුන්නේය. එම ප්‍රමාණයෙන් 08 දෙදෙකු පමණක් අවුරුදු 35ට අඩු බවත් අලි ඇතුන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 60 ඉක්මවූවන් බවත් දියවඩන නිලමේවරයා සඳහන් කළේය.
දළදා පෙරහැර මංගල්‍ය සඳහා අලි ඇතුන් අවශ්‍ය බව අවස්ථා කිහිපයකදී පෙන්වා දුන් බව කී ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවදානයට එම ඉල්ලීම මෙවර ඉදිරිපත් කරන බව පැවසුවේය. මේ සඳහා විසදුමක් නොලැබෙන්නේ නම් ඉරිදි වසර 10 – 15ක කාලය තුළදී පෙරහැර සඳහා දායක කර ගත හැකි අලි ඇතුන් ප්‍රමාණය 08 දෙනෙකු දක්වා සීමා වන බවත දියවඩන නිලමේවරයා කීවේය.
වන ජීවී කලාපවල අලි ඇතුන් කිසිදු අවස්ථාවක ඉල්ලා නොසිටින බවත් පින්නවල අලි අනාථාගාරය ඇතුලු විවිධ ස්ථානවල සිටින අතිරික්ත අලි ඇතුන් මේ සඳහා ලබා දෙන්නේ නම් එය කාලෝචිත වන බව ද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.
පෙරහැර සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව සඳහා මල්වත මහ විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියන් ද මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලු නිලධාරීන් රැසක් සහභාගීවූහ.

ට්‍රම්ප් ගෙ US Aid තහනම නිසා දරුවන්ට දෙන්න තිබු ආහාර මෙට්‍රික් ටොන් 60 000 නරක් වෙලා

US Aid ලෙස ප්‍රකට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය ට්‍රම්ප් පරිපාලනයවිසින් විසුරුවා හැරීමෙන් පසු විදේශ ආධාර සඳහා වෙන්කර තිබු ආහාර මෙට්‍රික් ටොන් 60 000 ක් පමන කල් ඉකුත් වීම නිසා විනාශකිරිමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ආදාර අවශ්‍ය රටවල දරුවන්ගෙ කුසගින්න මැඩපැවැත්වීම සඳහා භාවිතා කරන අධි ශක්ති බිස්කට් මෙ අතර වන බවයි ඔවුන් පෙන්න දෙන්නෙ. එවැනි විනාශ විමට ලක්ව ඇති මෙට්‍රික් ටොන් 500 ක බිස්කට තොගයක් ඩුබායි හි ගබඩාවල තිබෙන බව ද විදෙස් මාධ්‍ය වෑර්තා කලා .මෙම ආහාර තොගය සිරියාව, බංග්ලාදේශය සහ මියන්මාරයට යැවීමට මෑතකදී අනුමත කරන ලදී ඒවා බයි වාර්තාවෙන්නෙ .අමරිකානු රාජ්‍යා අන්ශයෙ ශ්‍රම බලකාය අඩු කිරීම දී එලොන් මස්ක්ගේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ගත් එක් තීන්දුවක් වන්නෙ මෙම ආයතනය විසුරුවා හැරිමයි. US Aid ලොව විශාලතම විදේශ ආධාර ඒජන්සිය වන අතර මෙවනි ආදාර වඩසටහන් ක්‍රියාත්මක කරන ලද්දෙ මෙම සන්විදානය මගිනි. මෙම ආධාර ක්‍රමය නතර කිරිම ආහාර කල් ඉකුත් වීමට හේතු නොවන බව අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසුවත් කල් ඉකුත් වූ එම ආහාර පුළුස්සා දමනු ඇතැයි රොයිටර් පුවත්සේවය වාර්තා කලා . ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය වන USAID, ස්වාධීන ආයතනයක් වූ අතර ලොව විශාලතම විදේශ ආධාර ආයතනය ද වෙනවා .ට්‍රම්ප් ගෙ මෙම කප්පාදුව නිසා මාස කිහිපයකට පෙර සේවයෙන් පහ කරන ලද සේවකයින් තවමත් රැකියා ආපෙසිටින බවයි වාර්තා වන්නෙ

දළදා පෙරහැර ආලෝකකරණය සඳහා යුද්ධ හමුදාව සකස් කරන ලද කොප්පරා .

ගෞරවනීය වාර්ෂික සම්ප්‍රදායට අනුකූලව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අඛණ්ඩව 12 වන වසරටත් මහනුවර ශ්‍රී දළදා මාලිගාව (පූජනීය දළදා මාලිගාව) විසින් පවත්වනු ලබන ඓතිහාසික ඇසළ පෙරහැර ආලෝකමත් කිරීම සඳහා වියළි පොල් ටොන් හයක් (කොප්පරා) පරිත්‍යාග කරන ලදී.
විජයබාහු පාබල රෙජිමේන්තුව ප්‍රධාන වශයෙන් මෙහෙයවන ලද මෙම මුලපිරීම, ශ්‍රී ලංකාවේ පොහොසත් ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා හමුදාවේ කැපවීම ඉස්මතු කරයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයේ ප්‍රධානත්වය දැරූ අතර, උත්සවය අතරතුර යුද්ධ හමුදාධිපතිවරයා ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම් අනුර බණ්ඩාර මහතා හමුවිය.

ගාම්භීර පෙරහැරකින්, බෞද්ධ කොඩි සහ මල් තැටි රැගෙන ගිය භට පිරිස් විසින් කොප්පරා තොගය ගෞරවාන්විතව විහාරස්ථානයට භාර දෙන ලදී. වාර්ෂික ඇසළ පෙරහැර උත්සව සඳහා හමුදාවේ අඛණ්ඩ අධ්‍යාත්මික දායකත්වය සංකේතවත් කරමින්, චාරිත්‍රානුකූලව භාරදීම මාලිගාවේ අභ්‍යන්තර කුටියේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර නෑ -අගමැති

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර    කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ අනුව නව අධ්‍යාපන  ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය, සෞන්දර්ය හා වෘත්තීය විෂයන් හැදෑරීම අනිවාර්යය කර තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද  බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති  වැඩසටහනේදී‍ යී  අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ.  

රුසියාවෙන් නේ‍ටෝවට බරපතල අනතුරු ඇඟවීමක්

රුසියාවේ Kaliningrad Oblast වෙත නේටෝව ප්‍රහාරයක් එල්ල කළහොත් න්‍යෂ්ටික ඇතුළු ප්‍රතිපියවරයන්ට මුහුණදීමට සිදු වනු ඇති බවට රුසියානු ෆෙඩරල් සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ජාත්‍යන්තර කටයුතු කමිටුවේ සභාපති Leonid Slutsky මහතා අනතුරු අඟවයි.

ඊයේ (17) ඇමරිකාවේ අදාළ නිල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව පැවසීය. එදිනම රුසියානු ෆෙඩරල් සභාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආරක්ෂක කමිටුවේ සාමාජික Sergey Muratov මහතා පැවසුවේ රුසියානු භූමියට එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් අතිශය බරපතල ප්‍රතිවිපාකයන්ට තුඩු දෙනු ඇති බවට නේටෝව තේරුම් ගත යුතු බවයි.

මේ අතර, යුධ පෙරමුණට සම්පූර්ණ සහාය දක්වමින් රටේ ආයුධ නිෂ්පාදනය පුළුල් කිරීමට යුක්‍රේනය උත්සාහ දරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය. ඇමරිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කරන බවත්, ඉන් නව ගිවිසුමකට එළඹීම හරහා රටේ ස්ථාවරය වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කර ඇත.
-CGTN Sinhala

ඉරානයට තවදුරටත් සම්බාධක ?

අගෝස්තු 29 වන දින වන විට ඉරානය   න්‍යෂ්ටික වැඩසටහනින් ඉවත්විම  සම්බන්ධයෙන්  පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කල නොහැකිවුවහොත්  සම්බාදක ක්‍රියාවලිය තවදුරටත්  ක්‍රියාත්මක වනු ඇතිබවට අන්තුරු අගවා තිබෙනව.  ඒ අනුව , එක්සත් ජාතීන්ගේ සම්බාධක යාන්ත්‍රණය   අනුව ඉවත් කරන ලද සීමාවන් ස්වයංක්‍රීයව නැවත පනවනු ඇති.

මෙ සදහා යුරෝපා සංගමය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය සමඟ සම්බන්ධීකරණයෙන්, න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඇති බැඳීම්වලට අනුකූල වීමට  ඉරානයට පැහැදිලි කාල සීමාවක් නිකුත් කර ඇත. අගෝස්තු අවසානය වන විට ඉරාන  සිය කැපවීම පෙන්විමට නොහකිවුවහොත්  මෙම සම්බාධක පැනවීම තවදුරටත්  “සාධාරණීකරණය” කරනු  ඇති බව ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් අවධාරණය කරනු ලැබුවා.

එක්ශත් ජාතින්ගෙ ස්නැප්බැක් යාන්ත්‍රණය අනුව, ආයුධ, බැංකු සබඳතා සහ න්‍යෂ්ටික තාක්ෂණය තහනම් කරන සම්බාධක ඉරානයට එරෙහිව  නැවත පැමිණිය හැකි අතර රුසියාව, චීනය හෝ එක්සත් ජනපදයෙන් ලැබෙන  සහාය මෙහිදි වදගත් නොවනු ඇත. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි අනතුරු ඇඟවූයේ මෙම සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක කිරිම  “ඉරාන න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් යුරෝපයේ භූමිකාව අවසන් කිරීමක්” බවත්   එමගින් පවතින  රාජ්‍ය තාන්ත්‍රික ගටුම් තවදුරටත් උත්සන්න විය හෑකි බවයි. රාජ්‍ය තාන්ත්‍රික බිඳවැටීමක් වැළැක්වීම සඳහා ජාත්‍යන්තර උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින  නමුත් ගැටුම්කාරි බව ඉහළ යමින් පවතී. එහි ප්‍රගතියක් අත්කරගත නොහකිවුහොත් මැද පෙරදිග කලාපයෙ  අස්ථාවරත්වය  තවදුරටත් වර්දනය විය හැකි බවට  නිරීක්ෂකයින් අනතුරු අඟවා තිබෙනවා .

ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කල විශාලතම රන් තොගය අත්තඩංගුවට

ගුවන් මගියෙකු විසින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කල විශාලතම රන් තොගය ඊයේ අත්තඩංගුවට ගත්තා. ඒ ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින්.රත්තරන් තොගයේ වටිනාකම රුපියල් කෝටි එකසිය 10 ක් වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසන්නේ.

රන් තොගයේ බර කිලෝග්‍රෑම් 35 කට අධිකයි.රන් තොගය මෙරටට ගෙන ඒම සදහා මෝටර් රථ අමතර කොටස් සේ පෙනෙන ආකාරයට උපකරණ 09 ක් ලෙස සකස්කොට ඇසුරුම් කර තිබුණි.මොහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රන් බිස්කට් 195ක් සහ කිලෝග්‍රෑම් 13ක් බර ස්වර්ණාබරණ තොගයක් අත්තඩංගුවට පත් වූ රන් තොගයට ඇතුලත්.

වන අලින්ට වෙඩි තැබී වලට විරුද්ධව නීතිය දැඩිවේ

වන අලින්ට වෙඩි තැබී වලට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනබව පරිසර  අමාත්‍ය  වයිද්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා. නීති විරෝධීව ඉදිකර ඇති විදුලි වැට සඳහාද  දැඩිලෙස නීති  පනවන බව ඊයේ  පරිසර අමාත්‍යංශයෙදී පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනුවත් කිරීම සඳහා සාකච්චාව පැවැත්වුනා. නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාද මේ අවස්ථාවට එක්වුනා. අලින්ට වෙඩි තැබීම් පිලිබදව නිරන්තරයෙන් වාර්තාවන බවයි ඇමතිවරයා මෙහිදී කියා සිටියේ.

ඊට විරුද්දව දැඩි නීති පැනවීමේ අවශ්‍යතාව ඔහු පැහැදිලි කලා. පුද්ගලික ඉඩම් කේන්ද්‍ර කර ගනිමින් ඉදිකර ඇති නීති විරෝධී අලි වැට  සඳහා නීති යාවත්කාලීන කිරීමේ අවශයතාව කෙරේ අවධානය යොමු කලා.

අලි මිනිස් ගැටුමට මේ වනවිට සාධනීය විසදුම් ලබා දෙමින් පවතින බවත් ගැටුම් බහුල ප්‍රදේශ වලට අලිවැට ඉදි වෙමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

වසර අගදී ගෝලීය වෙළඳ භාණ්ඩ ප්‍රසාරණය මන්දගාමී වන බවට ලෝක වෙළඳ සංවිධානයෙන් පුරෝකථනයක්

2025 වසරේ පළමු කාර්තුවේ දී ගෝලීය වෙළඳ භාණ්ඩ පරිමාවේ ශක්තිමත් වර්ධනයක් වාර්තා කළ නමුත් වසර අග වන විට එහි ප්‍රසාරණය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක වෙළඳ සංවිධානය පවසයි.

නවතම දත්ත පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක වෙළඳ සංවිධානය ඊයේ (15) මේ බව ප්‍රකාශ කර ඇත.

එම දත්තවලට අනුව මෙම වසරේ පළමු කාර්තුවේ දී ලෝක භාණ්ඩ වෙළඳාමේ පරිමාව පෙර කාර්තුවට වඩා සියයට 3.6කින් සහ පෙර වස‍රට සා‍පේක්ෂව සියයට 5.3කින් ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපදයේ ඉහළ තීරුබදු අපේක්ෂාවෙන් උතුරු ඇමරිකාවේ ආනයන වැඩිවීමක් ඊට ප්‍රධාන හේතුව වී ඇත.

කෙසේ වෙතත් වැඩි කළ තීරුබදු, ආනයන ඉල්ලුමට බලපාන බැවින් ඉදිරි මාසවලදී වර්ධන වේගය ලිහිල් වනු ඇතැයි ලෝක වෙළඳ සංවිධානයේ ආර්ථික විද්‍යඥයින් අපේක්ෂා කරයි.

අප්‍රේල් මාසයේ දී නිකුත් කරන ලද ගෝලීය වෙළඳ දැක්ම සහ සංඛ්‍යා ලේඛන වාර්තාවට අනුව ලෝක වෙළඳ සංවිධානය 2025 වසර සඳහා ගෝලීය වෙළඳ භාණ්ඩ පරිමාවේ සියයට 0.2ක පහත වැටීමක් පුරෝකථනය කර තිබිණ. ඒ සමගම එක්සත් ජනපදයේ “අන්‍යෝන්‍ය තීරුබදු” නැවත හඳුන්වා දීමෙන් පසු ගෝලීය වෙළඳාමේ අවිනිශ්තතාවක් මතුව ඇති අතර බරපතල අවාසි පිළිබඳ අවදානම් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබේ.

පළමු කාර්තුවේදී එක්සත් ජනපද ආනයන වසරින් වසර සියයට 25 කින් ඉහළ ගිය අතර, දෙවන කාර්තුවේ මුල් මාස දෙක තුළ වර්ධනය සියයට 1 දක්වා අඩු වී ඇති බව ලෝක වෙළඳ සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.
-CGTN Sinhala

Gov Pay රාජ්‍ය ඩිජිටල් ගෙවිම් ක්‍රමය ආයතන 50 ක ක්‍රියාත්මකයි.

Gov Pay රාජ්‍ය ඩිජිටල් ගෙවිම් ක්‍රමය ආයතන 50 ක ක්‍රියාත්මක කිරිම ආරම්භ කෙරුනා .මෙය තොරතුරු හා සන්නිවේදන, තාක්ෂණ ආයතනය, ලංකා පේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නන්වනවා.මෙම නියමු ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය සේවා 700 කට පමණ ඩිජිටල් ගෙවිම් පහසුකම් සැලසෙනවා. එමගින් මේ වන විට අයකරගෙන ඇති මුදල රුපියල් මිලියන 65 ඉක්මවනවා. ඉදිරි මාස 12 ඇතුලත මෙම ඩිජිටල් වේදිකාව මගින් රුපියල් බිලියනයක පමන ගනුදෙනු සිදුකෙරෙනු ඇතැයි අපේක්ශිතයි . මොරටුව විශ්ව විද්‍යාලය,කොතලාවල ආරක්ශක විශ්ව විද්‍යාලය, අපෙක්ශා රෝහල ඇතුලු ආයතන ගණනාවක් මේ වන විටත් ඉහල ගනුදෙනු පවත්වාගෙන යමින් මහජන විශ්වාසය දිනා ගෙන සිටිනවා .මෙහිදි පොලිස් ස්තානිය දඩගෙවිමේ පද්ධතිය සහ GovPay.lk වෙබ් අඩවිය හදුන්වා දුන්නා .