Foreign News

දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය සූදානම් බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් අවසන් කිරීම සඳහා “අවශ්‍ය කොන්දේසි” වලට ඊශ්‍රායලය එකඟ වී…

Hot News

ත්‍රිකුණාමලයේ වෙරළ තීරයේ සහ උප්පුවේලී වෙරළ තීරය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණයට ලක්වෙයි

වෙරළ ප්‍රදේශය සංවර්ධනය කරමින් එම පරිසරය ආරක්ෂා කරීම අනාගත පරපුරේ යහපැවැත්ම සඳහා වැදගත් වන බව…

විශේෂ මදුරු මර්දන සතියේ දෙවැනි දිනය වන විට 553කට රතු නිවේදන

විශේෂ මදුරු මර්දන සතියෙ දෙවන දිනය ඊයේ ක්‍රියාත්මක වුණා.

සෞඛ්‍ය  හා  ජනමාධ්‍ය අමාත්‍යාංශය  විසින්  ජූනී මස 30 සිට ජූලී මස 05 දක්වා  මෙම විශේෂ මදුරු මර්දන සතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙහිදී පරිශ්‍ර 22,294 ක් මෙහිදි පරික්ශාවට ලක් වුණා. 

මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර 4965ක් හා මදුරු කීටයන් සහිත පරිශ්‍ර  657ක්  හදුනාගෙන තිබෙනවා.

553 දෙනෙකුට රතු නිවේදන ද නිකුත් කර  තිබෙනවා.

දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය සූදානම් බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් අවසන් කිරීම සඳහා “අවශ්‍ය කොන්දේසි” වලට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බව Truth Social හි සටහනක තබමින් ඔහු ප්‍රකාශ කළා.

ලබන සතියේ පැවැත්වීමට නියමිත ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට පෙර ට්‍රම්ප්ගේ මෙම නිවේදනය නිකුත් වීම විශේෂත්වයක්.

නමුත් හමාස් සංවිධානය සටන් විරාමයේ කොන්දේසි පිළිගන්නේද යන්න තවමත් පැහැදිලි නැහැ.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයේ හමුදා මෙහෙයුමක් දියත් කළා.  

එහිදී පුද්ගලයින් 1,200 ක් පමණ මිය ගොස් තිබෙනවා.  එතැන් සිට ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 56,647 ක් මිය ගොස් ඇති බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ත්‍රිකුණාමලයේ වෙරළ තීරයේ සහ උප්පුවේලී වෙරළ තීරය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණයට ලක්වෙයි

වෙරළ ප්‍රදේශය සංවර්ධනය කරමින් එම පරිසරය ආරක්ෂා කරීම අනාගත පරපුරේ යහපැවැත්ම සඳහා වැදගත් වන බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසන්නේ.

සමුද්‍ර පරිසරයට සහ මහජන සෞඛ්‍යයට බරපතල අවධානම් ඇති කරන කරුණු රැසක් හෙලිවූ බව ත්‍රිකුණාමාලය උප්පුවේලි වෙරළ තීරයෙ නිරීක්ෂණ චාරිකාවට එක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මෙම චාරිකාවට ඊයේ දිනයේ සිදුවුණා. ජලප්‍රවාහනය, රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී වූ කරුණු නිරීක්ෂණයට ලක්වුණා.

වෙරළ ආරක්ෂා කර යටිතල පහසුකම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය මෙහිදී අවධාරණය කෙරුණා.

අද කාලගුණය

දිවයින වටා මුහුදු තීරයේ කාලගුණ තත්ත්වය

පුත්තලම සිටි කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිරිත දෙසින් හමා යන සුළඟේ වේගය පැයට කිලෝමීටර (30 – 40 ) පමණ වේ. හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී (50 – 55) පමණ දක්වා ඉහළ යා හැකිය එම ප්‍රදේශයන්හි මුහුදේ ස්වභාවය රළු විය හැකිය.

දිවයින වටා 2025/07/01 (අද) දින කාලගුණ තත්ත්වය

බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්වල්ප වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද සහ වයඹ ප්‍රදේශවලත් වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් (30 – 40 ) ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව පවසනවා.

රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

මෛත්‍රීය, කරුණාව, අවිහිංසාව මුල් කරගෙන ධර්මය දේශනා කළ රටකට අත්ව ඇති ඉරණම අවබෝධ කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා අප්‍රමාදව කටයුතු කළ යුතු බවයි .

ඔහු මේ බව කියා සිටියේ ඊයේ ගල්නෑව මහජන ක්‍රීඩාංගනයේදී පැවති 74 වන උපසම්පදා මහෝත්සවයේදීයි.

දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධ ශාසන අමාත්‍යවරයා වෙත ලබා දී ඇති බවත් ජනපති වැඩිදුරටත් පැවසුවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපසම්පදාව සිදු වුණා.

මෙවර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහා විනය කර්මය උතුරු මැද පළාතේ ප්‍රාදේශීය සංඝ සභාවල සහ උපසම්පදා මහෝත්සව කමිටුවේ සංවිධානයෙන් කලාවැව, කලාකරඹෑව, ශ්‍රී විද්‍යාධාර මහා පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (30) සිට ජූලි 08 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.


චිරාගත සම්ප්‍රදායානුකූලව කලාවැව ගෝණනදී (කලා ඔය) උදකුක්ඛේප සීමා මාලකයේදී සාමණේරයන් වහන්සේලා 400ක් පමණ අධීසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවීම ඊයේ සිදු වුණා.


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ “සසුන” උපසම්පදා කලාපය, “පටිපදා” ශාස්ත්‍රීය සංග්‍රහය සහ “උරුමයක අභිමානය” නම් ග්‍රන්ථයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණා.

ශ්‍රී ලංකා- බංගලාදේශ එක්දින තරගාවලිය හෙට සිට ආරම්භ වේ

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට සිට ආරම්භ වේ.

තරඟ 3කින් සමන්විත තරඟාවලියෙහි පළමු තරඟය හෙට (ජූලි 02) ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

දෙවන තරඟයත් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී. තුන්වන තරඟය 08 වෙනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙහි නායකත්වය චරිත් අසලංක දරයි.

නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක,අවිශ්ක ප්‍රනාන්දු නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම,තරිඳු මෙන්ඩිස්,ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ,ජෙෆ්රි වැන්ඩසේ, මිලාන් රත්නායක, ඩිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු සහ ඒශාන් මාලිංග යන ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුලත් කෙරේ.

ප්‍රවේශ පත් නොමැතිව ගමන් කළ දුම්රිය මගින් 138 කට ලක්ෂ 4 ඉක්මවා දඩ

දුම්රිය ස්ථාන පහක සිදු කළ විශේෂ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවකදි දුම්රිය ප්‍රවේශ පත් නොමැතිව ගමන් කල  මගීන් 138 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමගින්  රුපියල් හාරලක්ෂ විසිදාස් දෙසිය හැටක දඩ ආදායමක් රජයට ලබා දීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.

පසුගිය 27 වනදින දුම්රිය ස්ථාන පහක පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා වු කාලය තුළ මෙම ප්‍රවේශ පත්  පරික්ෂාව සිදුකර තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන්ද සිටි අතර බොහෝ දෙනෙකු කාර්යාල වෙත ගමන් ගන්නා මගීන් බවයි සහකාර අධිකාරී එන්.පී ජයන්ත මහතා පැවසුවේ.

මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කොට ඇත්තේ මහලේකම් කාර්යාලය, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා දෙමටගොඩ යන දුම්රිය ස්ථානවලදීයී.

මෙහිදී අත්අඩංගුවට ගත් මගීන්ගෙන් ඒ මොහොතේම රුපියල් හාරලක්ෂ විසිදාස් දෙසිය හැටක දඩ ආදායමක් ලබාගත් බව ඔහු පවසා සිටියා.

මේ ආකාරයෙන් ඉදිරියටත්  ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කරන බව ත් ප්‍රවේශ පත් නොගෙන ගමන් කරන කිසිදු පුද්ගලයකුට සමාවක් නොදෙන බවත් දඩ මුදල් නොගෙවන්නේ නම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු  තවදුරටත් පැවසුවා.

ගාසා තීරයේ අවන්හලකට ඊශ්‍රායල ප්‍රහාරයක්

ගාසා හි වරාය අසල අවන්හලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

සඳුදා රාත්‍රියේ දී අල්-ෂිෆා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මොහොමඩ් අබු සිල්මියා පැවසුවේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් 75 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කැෆේ එකට සහ අවට ප්‍රදේශයට පුළුල් හානියක් මෙන්ම එම ස්ථානයෙන් ඝන දුමාරයක් නැඟී එන ආකාරය ද දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් සහ නිර්වින්දන ද්‍රව්‍ය හිඟයක් පවතින බව ද ගාසා රෝහල් නිලධාරීන් පවසනවා.  

“කාමර සහ රෝහල් ඇඳන් නොමැති නිසා අපි තුවාලකරුවන්ට රෝහල් බිමේම ප්‍රතිකාර කරනවා” රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මියගිය අය අතර නිදහස් මාධ්‍යවේදියෙකු වන ඉස්මයිල් අබු හටබ් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හමාස් පාලනය යටතේ පවතින රජයේ මාධ්‍ය කාර්යාලය පැවසුවේ ඔහුගේ මරණයත් සමඟ 2023 ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ගවලින් මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 228 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඉන්ධන මිල ඉහළ ට

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව ජූලි මාසයට අදාලව ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ දමා ඇත.

එහි නව මිල රුපියල් 305ක්.

රුපියල් 274ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක්.

රුපියල් 178ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක්.

රුපියල් 341ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුව නැහැ.

රුපියල් 325ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිලෙහිද වෙනසක් සිදුව නැහැ.

අලි මිනිස් ගැටුම විසඳීමට සාකච්ඡා

දරුවන්ට සුරක්ෂිත හෙටක් හදන්නට ඔවුන් ජීවත් වන වටපිටාව සුරක්ෂිත විය යුතු බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන පවසනවා.

ඉන් ප්‍රමුඛතම කාරණයක් වන්නේ අලි මිනිස් ගැටුම විසදීමයි.

මේ බව පැවසුවේ කුරුණෑගල හිරියාල ගම්වාසීන් සමග කළ විශේෂ සාකච්ඡාවකදීයි.


අලි උවදුර නිසා ඉහළ නෙල්ලිය , අළුත් කොළණිය සහ වෙල්ගාල ඇතුළු ගම්මාන රැසක් පීඩා විදියි. වෙල්ගාල විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක විදුලි වැට කැඩීම, පෞද්ගලික ඉඩම් කිහිපයක් අලින් වාස භූමි බවට පත්කර ගැනීම වැනි හානි සිදු කර ඇත.

ගම්වාසීන් චෝදනා කරන්නේ එයින් ළමුන්ගේ පාසල් ගමන අඩාල වී ඇති බවයි.


මෙයට වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ ගම්වාසීන් විශාල පිරිසක් සහභාගි වුණා.