Hot News

තුෂාර උපුල්දෙණියගේ වැඩ බැලීමට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. එන්. සී ධනසිංහ පත් කෙරේ

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ තනතුරේ වැඩ බැලීම සඳහා…

Hot News

වරාය නැගෙනහිර පර්යන්තය සේවකයන් විසින් දිනාගත් සම්පතක් – අමාත්‍ය බිමල් රත්නායක

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය සේවකයන් විසින් දිනාගත් සම්පතක් බවත්, එය කිසිවිටකත් වෙනත් පාර්ශවයකට ලබා…

අද එලවළු 1Kg සඳහා තොග මිල රුපියල්

අද සහල් 1Kg සඳහා තොග මිල රුපියල්

අද පලතුරු 1Kg සඳහා තොඟ මිල රුපියල්

ජනපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනපති හමුව අද පස්වරුවේ.

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පස්වරුවේ බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේ පැවැත්වේ.

පිළිගැනීමේ උත්සවය පැවැත්වෙන්නේ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් ම්හතාගේ ප්‍රධානත්වයෙනි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයන් දෙපල අතර නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර මහතා අද පෙරවරුවේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා විය.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් එක්වුණා

YouTube player

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද

ජූනි 11 වන දින සිට ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය අද එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.
WTC අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පස්වරු තුනට ආරම්භවේ.
ජයග්‍රහකයින් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක ත්‍යාග මුදලක් ලබාදීමට නියමිතයි. දෙවන ස්ථානය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.16 ක මුදලක් ලබා දේ.
තරගය ජය පරාජයෙන් තොරව හෝ සම තත්ත්වයෙන් අවසන් වුවහොත් ලෝක ටෙස් ශූරතා සෙංකෝලය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර බෙදාගනු ඇත.
තරඟයේ ජුනි 11 වන දින සිට 15 වන දින දක්වා පැවැත්වේ. ජුනි 16 වන දින අතිරේක දිනයක් ලෙස තබා ඇත.

ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් එකලොස් දෙනාගේ නම් නිල වශයෙන් දැනුම් දීම ඊයෙ දිනයේදී සිදුවුනා.
දකුණු අප්‍රිකා XI :ඒඩන් මාක්‍රම්,රයන් රිකෙල්ටන්, වියාන් මෝල්ඩර්, ටෙම්බා බවුමා (c), ට්‍රිස්ටන් ස්ටබ්ස්, ඩේවිඩ් බෙඩිංහැම්, කයිල් වෙරයින් (wk), මාකෝ ජැන්සන්, කේෂව් මහරාජ්, කගීසෝ රබාඩා.
ඕස්ට්‍රේලියානු XI කණ්ඩායම : උස්මාන් කවාජා,මාර්නස් ලබුශේන්, කැමරන් ග්‍රීන්, ස්ටීව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, බියු වෙබ්ස්ටර්, ඇලෙක්ස් කේරි (wk), පැට් කමින්ස් (c), මිචෙල් ස්ටාක්, නේතන් ලියොන්,ජොෂ් හේසල්වුඩ්.

තුෂාර උපුල්දෙණියගේ වැඩ බැලීමට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. එන්. සී ධනසිංහ පත් කෙරේ

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ තනතුරේ වැඩ බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. එන්. සී ධනසිංහ නිත්‍ය තනතුරේ රාජකාරීවලට අමතරව එම තනතුරේ වැඩබැලීම සඳහා පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ වනවිට රක්ෂිත මේ අතර බන්ධනාගාරගත කර සිටින තුෂාර උපුල්දෙණියගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළේ අද (11) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය සැමරේ

ඊයේ (10) ඇමරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ගෝලීය ශිෂ්ටාචාර සංවාද දිනය පවත්වනු ලැබිණි.
මෙය ගෝලීය ශිෂ්ටාචාර සංවාද දිනයේ පළමු සංවත්තර සැමරීම වේ.
ස්ථිර දූත මණ්ඩල සාමාජික රටවල් වන චීනය, ඊජිප්තුව, පේරු, ස්පාඤ්ඤ සහ උස්බෙකිස්ථාන නියෝජිතයින්ගේ මූලිකත්වයෙන් උත්සව මාලාවක් සංවිධානය කර තිබුණි.
ශිෂ්ටාචාර අතර සංවාදය ප්‍රවර්ධනය කිරීම, ගෝලීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම යන තේමාව යටතේ සංවාදයක් ද පැවැත්වුණි.
චීන විදේශ අමාත්‍ය වැන් ඊ (Wang Yi) මෙම සංවාදයේදී වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ සමානාත්මතාවය ආරක්ෂා කිරීමට සහ අන්තර් සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන ලෙසයි.
මෙම අවස්ථාව සඳහා පණිවිඩයක් එක් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ප්‍රකාශ කළේ අවබෝධය සහ විශ්වාසයේ පාලම් ගොඩනැගීම සඳහා සංවාදය අත්‍යවශ්‍ය බවයි.
ගෝලීය ශිෂ්ටාචාර සංවාද දිනය චීනය විසින් ඉදිරිපත් කරන ලද රටවල් අසූවකට අධික සංඛ්‍යාවක් විසින් සම අනුග්‍රහය දක්වන ලද යෝජනාවකි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පසුගිය වසරේදී එය සම්මත කරන ලදී. ඒ අනුව ජූනි දහවන දින ගෝලීය ශිෂ්ටාචාර අතර සංවාද සඳහා වූ ජාත්‍යන්තර දිනය ලෙස නම් කිරීම සිදු විය.

-CGTN America –

ගෝලීය ආර්ථිකය නැවතත් කැලබේ

ලෝක බැංකුව ගෝලීය ආර්ථික පුරෝකථනය පහළ දමයි. වෙළඳ උණුසුම් තත්ත්වයන් හා ප්‍රතිපත්ති අස්ථිරභාවයන් ඊට හේතුවී තිබේ.සියලු කලාපයන්හි සියලු ආර්ථිකවල සහ ආදායම් කණ්ඩායම් සියයට 70ක පමණ ආර්ථික වර්ධනයේ පහළ යාමක් සිදුවනු ඇති බව ලෝක බැංකුවේ පුරෝකථනය වී තිබේ.ලෝක බැංකුව ඊයේ (10) නිකුත් කළ වාර්තාවට අනුව ගෝලීය ආර්ථික වර්ධනය සියයට 2.7 සිට සියයට 2.3ක් දක්වා පහළ දමා ඇති අතර 2026 වසරේ ආර්ථික වර්ධනය සියයට 2.7 සිට සියයට 2.4ක් දක්වා පහළ දමා තිබේ.

මෙම වසරේ උසස් ආර්ථිකයන්හි වර්ධන අපේක්ෂාවද සියයට 1.7 සිට සියයට 1.2ක් දක්වා අඩු කර ඇත. වර්ධනය වෙමින් පවතින‍ වෙළඳපොල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි වර්ධනයද සියයට 0.3කින් පහළ දමා ඇති අතර නව වර්ධන අපේක්ෂාව සියයට 3.8කි. ඇමරිකානු ආර්ථිකය පිළිබඳ අපේක්ෂාවද සියයට 0.9කින් පහළ දමා තිබේ.ගෝලීය ආර්ථිකය යළි වරක් කුණාටු තත්ත්වයකට ප්‍රවේශ වී ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.
-CGTN Sinhala

වරාය නැගෙනහිර පර්යන්තය සේවකයන් විසින් දිනාගත් සම්පතක් – අමාත්‍ය බිමල් රත්නායක

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය සේවකයන් විසින් දිනාගත් සම්පතක් බවත්, එය කිසිවිටකත් වෙනත් පාර්ශවයකට ලබා නොදෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. එය වඩාත් කාර්යක්ෂමව හා නවීන කළමනාකරණ ව්‍යුහයකින් යුක්තව පවත්වාගෙන යන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කරේ පසුගියදා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින්. මේ වසර තුළදී නැගෙනහිර පර්යන්තයේ 50% ක මෙහෙයුම් කටයුතු සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහි දි අවධානය යොමු විය.කඩිනමින් ව්‍යාපෘතියේ වැඩකටයුතු නිම කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ වද අවධානය යොමු කළ අමාත්‍යවරයා 2014 සිට 2022 දක්වා නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කිසිදු ඉදිකිරීමක් සිදු නොවන බවද පවසා සිටියා. 2022 සිට මන්දගාමීව සිදුවූ ව්‍යාපෘතියේ කටයුතු නව රජය පත්වීමෙන් පසු ප්‍රගතියක් අත් කරගෙන ඇත.එය තවදුරටත් වේගවත් කළ යුතු බවයි ඇමතිවරයා පවසන්නේ. නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩි තුවක්කු මහතා ද එක්විය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව – සජීව විකාශය