Hot News

චීනයේ Tianwen 2 අභ්‍යාවකාශ ගවේෂණ යානය සාර්ථකව නිකුත් කිරීමේ කලාපයට යොමු කෙරේ

චීන ජාතික අභ්‍යාවශාශ දෙපාර්තමේන්තුවට අනුව, චීන ග්‍රහතාරකා ගවේෂණ ව්‍යාපෘතියේ Tianwen 2 ගවේෂණ යානය ඊයේ (18)…

Hot News

හිටපු බ්‍රිතාන්‍ය ගුවන් සේවිකාවක් “කුෂ්” නම් කෘත්‍රිම මත්ද්‍රව්‍යය සමග ගුවන්තොටුපලෙදි අත්අඩංගුවට

“කුෂ්” නම් කෘත්‍රිම මත්ද්‍රව්‍යය රැගෙන ඒමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍යයේ හිටපු ගුවන්…

Hot News

ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කාම්බෝජියා තානාපතිනිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

නවදිල්ලියේ පිහිටි කාම්බෝජියානු තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාව සඳහා වන කාම්බෝජ තානාපතිනි Rath Many, මැයි 16…

Hot News

ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා…

Hot News

දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක්

දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක් ඇත්දැයි සැකසහිත බව ප්‍රවාහන,…

චීනයේ Tianwen 2 අභ්‍යාවකාශ ගවේෂණ යානය සාර්ථකව නිකුත් කිරීමේ කලාපයට යොමු කෙරේ

චීන ජාතික අභ්‍යාවශාශ දෙපාර්තමේන්තුවට අනුව, චීන ග්‍රහතාරකා ගවේෂණ ව්‍යාපෘතියේ Tianwen 2 ගවේෂණ යානය ඊයේ (18) Sichuan පළාතේ Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේදී සාර්ථකව නිකුත් කිරීමේ කලාපයට යොමු කෙරිණ. ඒ, එකලස් කිරීම, අත්හදා බැලීම හා ඉන්ධන පිරවීම යන නියමිත කටයුතු සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ය.Tianwen 2 ගවේෂණ යානය මේ මස අවසානයේදී උඩුගුවනට නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

Tianwen 2 ගවේෂණ යානය නික්තු කිරීම මගින් අංක 2016HO3 දරන කුඩා ග්‍රහතාරකාවේ පියාසැරිය, සාම්පල ලබා ගැනීම සහ නැවත පෘථිවියට පැමිණීම මෙන්ම අංක 311P දරන ප්‍රධාන තීරු වල්ගා තරුවේ පියාසැරි ගවේෂණය යන බහු මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
-CGTN Sinhala

“ගැහැණු ළමයි ” කෑන්ස් යයි

අභාවප්‍රාප්ත ප්‍රවීන සිනමාවේදිනි සුමිත්‍රා පීරිස් විසින් 1978 දී අධ්‍යක්ෂණය කරන ලද “ගැහැණු ළමයි” චිත්‍රපටයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද පිටපතක් මැයි 17 වන දින කෑන්ස් උළෙලේදී ප්‍රදර්ශනය වීය. මෙය මෙරට සිනමා ඉතිහාසයේ සාඩම්බරනීය මොහොතක් සනිටුහන් වේ.
දර්ශනය Salle Buñuel හිදී සිදු වූ අතර චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස, ශ්‍යාමා ආනන්ද සහ ශ්‍රී ලංකාවේ පළමු කාන්තා චිත්‍රපට නිෂ්පාදකවරිය ලෙස පුළුල් ලෙස සැලකෙන සුමිත්‍රා පීරිස්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී විය.

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවය අද සවස 4.00 ට

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවය අද සවස 4.00 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇතිබව ජාතික රණවිරු අධිකාරිය පවසයි.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උත්සවයට සහභාගී වීමට නියමිතයි.මිට අමතරව එම අවස්ථාවට ත්‍රස්තවාදය පරාජය කිරම සදහා ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතයි.ඔවුන්ගේ මුලිකත්වයෙන් හා මියගිය හමුදා පවුවල සාමාජිකයන්ගේ සහබාගිත්වයෙන් යුද්ධයේදී ජිවිත පරිත්‍යාග කල සෙබළුන් වෙත පුෂ්පෝපහාර දක්වනු ඇත.

මෙම ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
30 වසරක් පුරා පැවති මෙම සිවිල් යුද්ධයේදී ත්‍රිවිධ හමුදා ,පොලිස්, සිවිල් ආරක්ෂක නිලධාරින් ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන් ,විවිධ දේශපාලන නායකයන් ,ත්‍රස්තවාදී සාමාජිකයන් මෙන්ම උතුරේත් දකුණේත් දහස් ගණනක් සිවිල් වැසියන් ජිව්තක්ෂයට පත්වුහ. දහස් ගණනක් ආබාදිත තත්වයට පත්වුහ.

දිස්ත්‍රික්ක හයක් සඳහා පූර් ව නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) අද දිස්ත්‍රික්ක හයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙ .ඒ අනුව, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන ලදී.මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ට නායයෑම්, බෑවුම් කඩා වැටීම්, පාෂාණ පෙරළීම්, කට්ටි කඩා වැටීම් සහ බිම් ගිලා බැසීම් පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ.

හිටපු බ්‍රිතාන්‍ය ගුවන් සේවිකාවක් “කුෂ්” නම් කෘත්‍රිම මත්ද්‍රව්‍යය සමග ගුවන්තොටුපලෙදි අත්අඩංගුවට

වාහන විකිණීම සම්බන්ධ අසත්‍ය පුවත් ගැන ජනාධිපති කාර්යාලයෙන් ප්‍රතිචාර

ජනාධිපති කාර්යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ

දෙවෙනි අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙමින් තිබීම නිරීක්ෂණය වී තිබේ.

වත්කම් කළමනාකරණ චක්‍රලේඛ 05/2024 යටත්ව මෙහිදී කටයුතු කර ඇත.

මෙලෙස ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේදී රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇති අතර     2025-04-23 වන දින නියමිත පටිපාටියට අනුව පුවත්පත් නිවේදන මගින්  ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබිණි. ඒ වෙනුවෙන් මුදල් ගෙවා ටෙන්ඩර් අයදුම්පත් ලබාගත් අයදුම්කරුවන් 108 දෙනෙකු ටෙන්ඩර් පත් කැඳවීම අවසන් වූ 2025-05-15 දිනට තමන්ගේ මිල ගණන් ඉදිරිපත් කර තිබූ අතර එදින පෙ.ව 11.00ට ටෙන්ඩර් පත් විවෘත කර ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම සිදු කරන ලද්දේ නියමිත පටිපාටිය අනුවය.

එහිදී රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට වාහන අලෙවි කිරීමට කටයතු කරන ලදී. ඇතැම් වාහන සඳහා රජයේ තක්සේරුව ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින්, අලෙවි කරන ලද්දේ ඉදිරිපත් කරන ලද වාහන 26න් 17ක් පමණි. එසේ රජයේ තක්සේරු වටිනාකම ඉදිරිපත් නොවු වාහන අතරට වාහන 09ක් ඇතුළත්ය.

ඒ අනුව 2025-05-15 වන දින සිදු කෙරුණු ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීමේදී, අලෙවි වූ වාහන පිළිබඳ විස්තරය මෙසේය

S.NoVehicle NoModelGovernment Valuation (Rs.)Sold Out value (Rs.)
1CAB-3453FORD EVEREST- Motor Car    2,500,000.005,390,000.00
2KY-9967FORD EVEREST – Motor Car1,900,000.008,800,000.00
3KA-1016HYUNDAI TERRACAN- Motor Car3,500,000.003,788,999.00
4CAP-9828LAND ROVER DISCOVERY 4 S- Motor Car25,000,000.0027,100,000.00
5GP-4599MITSUBISHI R MONTERO Motor Car5,000,000.008,622,500.00
6KY-5541NISSAN TEANA- Motor Car5,500,000.008,195,950.00
7KD-6376NISSAN XTRAIL- Motor Car4,000,000.006,127,000.00
8GD-7249NISSAN PATROL – Motor Car13,000,000.0014,599,900.00
9GD-7209NISSAN PATROL Motor Car11,500,000.0012,200,000.00
10KW-6235PORSCHE CAYENNE S- Motor Car13,500,000.0013,610,000.00
11CAC-4493SSANG YONG REXTON W- Motor Car8,300,000.009,475,000.00
12CAC-4502SSANG YONG REXTON W- Motor Car8,500,000.009,676,000.00
13KJ-0642SSANG YONG REXTON270XDI – Motor car4,000,000.005,010,000.00
14KC-7323TOYOTA LAND CRUISER SAHARA- Motor Car6,500,000.0012,599,900.00
15KU-7912TOYOTA LANDCRUISER V8 Motor Car28,000,000.0032,150,650.00
1661-0520MITSUBISHI ROSA – Motor Coach2,200,000.004,167,350.00
17KW-5401LAND ROVER DISCOVERY – Motor Car13,000,000.0018,675,000.00
Total155,900,000.00200,188,249.00

ඩිජිටල් ආර්ථික විසඳුම් කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවේදී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දෙන පොදු ඩිජිටල් යටිතල පහසුකම් සඳහා වූ විසඳුම් කඩිනම් කිරීම සහ විශේෂයෙන් විද්‍යුත් ජාතික හැඳුනුම්පත, GovPay රාජ්‍ය ගෙවීම් පද්ධතිය, ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය හා ඩිජිටල් ආර්ථික ආදායම් ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේත් ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේත් කටයුතු  පුළුල් කිරීම පිළිබඳව මෙන්ම නව නීති මගින් ඩිජිටල් ආර්ථික අධිකාරිය හා සයිබර් ආරක්ෂණය පිළිබඳ ආයතන පිහිටුවීම පිළිබඳ යෝජනාද මෙහිදී සමාලෝචනය කරනු ලැබීය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ හා  අදාළ ආයතනවල සභාපතිවරු, ප්‍රධාන විධායක නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කාම්බෝජියා තානාපතිනිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

නවදිල්ලියේ පිහිටි කාම්බෝජියානු තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාව සඳහා වන කාම්බෝජ තානාපතිනි Rath Many, මැයි 16 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

තානාපති Rath Many,දෙරට අතර සෘජු ගුවන් සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා ද්විපාර්ශ්වික ගිවිසුමක් යෝජනා කළ අතර, එමඟින් වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට ඇති හැකියාව ඉස්මතු කළාය. කාම්බෝජ සංචාරකයින් සඳහා වඩාත් සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ද්විපාර්ශ්වික දේශපාලන කටයුතු (නැගෙනහිර) පිළිබඳ අතිරේක ලේකම් එස්.එස්. ප්‍රේමවර්ධන, සහ එම අමාත්‍යංශයේ අග්නිදිග ආසියාව සහ මධ්‍යම ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ආර්. කීගල් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ. 

ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා සංගමය පිහිටුවීමේ රැස්වීම 2025.05.09 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි.එම්. කලීල් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
රැස්වීමේදී, ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා තේරී පත් විය.
මෙහිදී ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය දෙපාර්ශ්වයම නැවත තහවුරු කළ අතර පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහයෝගය මෙම හමුවේදී අවධාරණය කෙරිණි. ශ්‍රී ලංකාවේ ජනතාව වසර ගණනාවක් පුරා පලස්තීන ජනතාව සමඟ නිරන්තරයෙන් සහයෝගීතාවය ප්‍රකාශ කර ඇති බව ද මෙහිදී සාකච්ඡා විය.
2015 වසරේදී ප්‍රථම වරට පිහිටුවන ලද ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, දෙරට පාර්ලිමේන්තු අතර සාකච්ඡා සහ සහයෝගීතාව වර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව සඳහන් කෙරිණි. මෙම සංගමය නැවත පිහිටුවීම පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වේ.

දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක්

දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක් ඇත්දැයි සැකසහිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ප්‍රමාද කිරීම,
නව බඳවාගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු දෙක ඉදිරිපත් කරම්න්
අසාධාරණ ලෙස ක්ෂණික වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම වසර ආරම්භයේ දී ම දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යවා පුරප්පාඩු 909 සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දී ඇත. ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරු 106 දෙනෙකු ඇතුළත්‍ ය.

මාස කිහිපයකට පෙර මෙම අනුමැතීන් ලබා දී තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බව හා ගැටළුකාරී තත්වයන් මත අමාත්‍යංශය, අමාත්‍යවරුන්ගේ මට්ටමින් මැදිහත් වී සාකච්ඡා පවත්වා තිබියදී දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාර්යක්ෂමතාව මේ වන තෙක් කිසිදු නව බඳවාගැනීමක් සිදු කිරීමට අපොහොසත් වී ඇත.

එසේම වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීම් ලබාදීම ඇතුළු කරුණු ගණනාවකට ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ නිර්දේශ නිකුත් කර ඇති අතර එය 2025.05.07 වන දින දෙපාර්තමේන්තුවට ලැබී ඇත.
එළඹෙන සතියේ දී ඒවා ද නියමිත ලෙස රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බව දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුවත්කර ඇත.

මෙම ඉල්ලීම් වලට අමාත්‍යංශය මට්ටමින් විසඳුම් ලබාදී තිබියදී, ඒවා ක්‍රියාත්මක නොවීම පසුපස ඇති දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හා ගැටලු සාකච්ඡා මඟින් විසඳාගැනීම යනාදිය පසෙක ලා මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යංශ ලෙස අප්‍රසාදය පළ කර බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

සිය ඉල්ලීම් සඳහා ලබන සතිය ඇතුළත විසඳුම් ලබාදීමට පියවර නොගත හොත් අඛණ්ඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනයවීමට නියමිතව තිබූ සියලුම තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.