Foreign News

හමාස් සංවිධානය ලෝකයෙන් අතුගා දමන බව ඉස්රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියානු පවසයි.

හමාස් සංවිධානය ලෝකයෙන් අතුගා දමන බව ඉස්රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියානු පවසනවා. මේ වන විට ඊශ්‍රායල්…

Foreign NewsHot News

යුක්රේන රුසියා සාම සාකච්ඡාවල ඉදිරි ගමන සඳහා ට්‍රම්ප් සහ පුටින් අවශ්‍ය බව රුබියෝ පවසයි

යුක්රේන රුසියා සාම සාකච්ඡාවල ඉදිරි ගමන සඳහා ට්‍රම්ප් සහ පුටින් අවශ්‍ය බව රුබියෝ පවසනවා.එක්සත් ජනපද…

Hot News

දරුවන්ටත් අධි රුධිර පීඩනය. සීනි සහ ලුණු භාවිතය ප්‍රධාන හේතුවක් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

පසුගිය අවුරුදු කිහිපය තුල සිදු කල නිරීක්ෂණ වලින් දරුවන් අතරත් අධි රුධිර පීඩනය වාර්තා වන…

Hot News

නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව දායක වන ලෙස ජනපති දිස්ත්‍රික් සම්බන්ධීකරන සභාපතිවරුන් ට කියයි.

මෙරට නිෂ්පාදන ආර්ථිකය පනගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය ජුනි 17 සිට ජූලි 16 දක්වා

ජූනි 17 සිට ජූලි 16 දක්වා ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පවතින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සත්කාරකත්වය සැපයීමට නියමිතය. මෙම තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින ජාත්‍යන්තර තුනක් සහ විස්සයි20 ජාත්‍යන්තර තුනක් ඇතුළත් වේ. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරග 2025–2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වේ.

හමාස් සංවිධානය ලෝකයෙන් අතුගා දමන බව ඉස්රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියානු පවසයි.

හමාස් සංවිධානය ලෝකයෙන් අතුගා දමන බව ඉස්රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියානු පවසනවා. මේ වන විට ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ගාසාවේ 53,000 පමණ ප්‍රමාණයකට ජීවිත අහිමි වී තිබෙනවා.

මේ ගාසා තීරයේ ඉහළ අහස 2025 මැයි 15 කැමරා කාචයක සටහන් වූ ආකාරයයි.

යුක්රේන රුසියා සාම සාකච්ඡාවල ඉදිරි ගමන සඳහා ට්‍රම්ප් සහ පුටින් අවශ්‍ය බව රුබියෝ පවසයි

යුක්රේන රුසියා සාම සාකච්ඡාවල ඉදිරි ගමන සඳහා ට්‍රම්ප් සහ පුටින් අවශ්‍ය බව රුබියෝ පවසනවා.එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මෙසේ පැවසුයේ තුර්කියේ ස්ථාන්බුල් සාම සාකච්ඡා සිදුවන අවස්ථාවේදීයි.

සෙලෙස්කිගේ පාර්ශවයෙන් තුර්කි සාකච්ඡා සඳහා සහභාගි වී සිටියේ යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක්. 2022 පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්රේනය  ආක්‍රමණය කිරීමත් සමඟ ඇතිවූ ගැටුම්වලින් මිනිස් ජීවිත හා දේපළ හානි විශාල ලෙස සිදුවී තිබෙනවා.

ඉස්තාන්බුල් වෙත “සැබෑ තීරණ ගන්නන් කිසිවෙකු“ නොයැවීම සම්බන්ධයෙන් සෙලෙස්කි ගෙන් දැඩි විවේචනයක් රුසියාවට එල්ල වී තිබේ.

“මගේයි පුටීන්ගේයි මැදිහත්වීම නැතිව බෑ. අපි මේක නතර කරගන්න ඕනේ , හුඟක් අය මැරෙනවානේ” යනුවෙන් ට්‍රම්ප් මාධ්‍ය වේදියෙකුට පවසන දර්ශන පෙළක් බටහිර මාධ්‍යය ඔස්සේ විකාශනය වෙමින්පවතිනවා.

Source : BBC

ගෝලීය ආර්ථික වර්ධනයේ පසුගාමී තත්ත්වයක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ (15) “2025 වසරේ ගෝලීය ආර්ථික තත්ත්වය සහ අපේක්ෂාවන් පිළිබඳ වසර මැද යාවත්කාලීන කිරීම” යන වාර්තාව නිකුත් කළේය. 2025 වසරේ ජනවාරි මාසයේ පුරෝකථනයෙන් පසු ගෝලීය ඉදිරි ආර්ථික දැක්ම සැලකිය යුතු ලෙස පිරිහී ඇති බව අදාළ වාර්තාව සඳහන් කළේය. ඉහළ ගිය තීරුබදු සහ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිත භාවය සැපයුම් දාමයන් මත බර පටවමින් ද, නිෂ්පාදන පිරිවැය ඉහළ නංවමින් සහ ව්‍යාපාර ආයෝජන මන්දගාමී කරමින් ද සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් වෙත බලපෑම් එල්ල කරනු ලබයි.

2025 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 2.4% දක්වා මන්දගාමී වනු ඇතැයි මෙම වාර්තාවෙහි පුරෝකථනය කර ඇති අතර එය 2024 වසරේ 2.9% ක වර්ධන වේගයට වඩා සැලකිය යුතු පහත වැටීමකි. දුර්වල ගෝලීය වර්ධනය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට තවදුරටත් බාධා කරන අතර, දරිද්‍රතාවය සහ අසමානතාවය උග්‍ර කරමින් හරිත පරිවර්තනය සඳහා ආයෝජනය ද සීමා කරයි.

එමෙන්ම වත්මන් ගෝලීය ආර්ථිකය ඉහළ අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දෙන බවත්, ප්‍රතිපත්ති සම්බන්ධීකරණය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය, ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීමට හා තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට තීරණාත්මක වනු ඇති බවත් මෙම වාර්තාව අවධාරණය කරයි.

-CGTN Sinhala

පලස්තීන ජනතාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා – විපක්ෂ නායක

පලස්තීන ජනතාවට ආරක්ෂිත දේශ සීමාවක් තුළ නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇති බැවින් ඒ සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සෑම වසරකම මැයි 15 වැනි දින අල් නක්බා දිනය සමරනු ලැබේ. එය පලස්තීන නිජබිම විනාශ කිරීමේ ආරම්භය සහ 1948 දී පලස්තීන ජනගහනයෙන් බහුතරයක් මහා පරිමාණයෙන් අවතැන් වීමේ ආරම්භය සනිටුහන් කරයි. ඒ අනුව අද දිනට යෙදී තිබූ 75 වැනි අල් නක්බා සැමරුම වෙනුවෙන් කොළඹ දී පැවැති උත්සවයක දී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

පසුගිය කාලයේ නොයෙකුත් ආකාරයේ ජාත්‍යන්තර වැඩපිළිවෙළවල රැසක් මේ ගැටලුව වෙනුවෙන් දියත් වුවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පලස්තීන ජනතාවගේ දේශපාලන, සමාජීය, ආර්ථික, සංස්කෘතික, ආගමික හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම දශක හතරකට වැඩි කාලයක් පලස්තීන ජනතාව තම භූමිය අහිමි වීම වැනි අභියෝග රැසකට මුහුණ දුන්නත් ඔවුන්ට භූමියකට, රටකට හිමි ස්වයං නිර්ණ අයිතිය අහිමි කළ නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.

මැදපෙරදිග කලාපයේ කල්පවත්නා සාමය ඇති කර ගත හැක්කේ සියලු දෙනා එකට එකතු වී සාකච්ඡා කර සම්මුතියෙන් බවට තමා විශ්වාස කරන බවත් එහි දී ගෝලීය වශයෙන් පලස්තීන ජනතාව වෙන් කොට නොසැලකීම, කොන් නොකිරීම, පීඩා නොකිරීම මෙන්ම ඔවුන් සතු අයිතින් දිනා ගැනීමට සැවොම කැපවිය යුතු බවත් ⁣විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. බෝම්බ හෙලා පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරිම වැළැක්විය යුතු බවත් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ඒවා වැරදි හෙයින් ස්වාධින රාජ්‍යයක් තුළ ඔවුන්ට හිමි නිදහස ලබා දීමට ගෝලීය වශයෙන් සියලු දෙනා පෙරට පැමිණිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අබාධිත ප්‍රජාවට රජයේ විශේෂ අවධානය

අබාධ සහිත තැනැත්තන් සදහා වන පාර්ලිමේන්තු සංසදය අබාධ සහිත කණ්ඩායම් වල නියෝජිතයින් සමග එම ප්‍රජාවට බලපාන ප්‍රධාන ගැටළු සම්බන්ධව සාකච්ජා කර තිබුණා.

මෙම සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වුණා.

මෙහිදී පැමිණි නියෝජිතයන් අබාධිත ප්‍රජාව වෙනුවෙන් සියලුම මැතිවරණ වෙනුවෙන් නිශ්චිත කෝටාවක් වෙන්කරන ලෙස සංසදයට යෝජනා කෙරුණා. මෙම සංසදයේ සාකච්ජා කරන ලද කරුණු සම්බන්ධව චැනල් 7 අප විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගෙන් විමසීමක් සිදු කළා.

ලුණු  ආනයනය සඳහා කැබිනට් අනුමැතිය

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද (16) දින  රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. ජූනී 10 වන දින දක්වා එම ආනයනයන්ට  අදාල  අවසරය ලබා දී තිබේ. කර්මාන්ත  සඳහා අවශ්‍ය අයඩීනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයඩීකරණය කරන ලද ලුණු  අනයනය සඳහා අවස්තාව  හිමි වී ඇත.

අදත් කාලගුණයේ වෙනස්වීමක්. ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වේ.

මධ්‍යම, නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ස්වභාවයක් පවතී.

වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:

සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශා වලින් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා ඉහළ යා හැකිය.

මුහුදේ ස්වභාවය:

කන් කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වේ.

කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

දරුවන්ටත් අධි රුධිර පීඩනය. සීනි සහ ලුණු භාවිතය ප්‍රධාන හේතුවක් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

පසුගිය අවුරුදු කිහිපය තුල සිදු කල නිරීක්ෂණ වලින් දරුවන් අතරත් අධි රුධිර පීඩනය වාර්තා වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. කුඩා දරුවන්ගේ ආහාර රටාව මෙයට ප්‍රධාන හේතුවක් බවයි ඔහු සදහන් කලේ.

කුඩා දරුවන්ට ලුණු සහ සීනි සහිත ආහාර ලබා නොදෙන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කල ද දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කම නිසා දරුවන්ට ලුණු සහ සීනි සහිත ආහාර ලබාදීමට යාමෙන් දරුවන් මෙම තත්වයට ගොදුරු වී ඇති බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අප සමග පැවසුවේ.

මෙසේ ළදරු අවධියේ සිටම නොසැලකිලිමත් ආහාර ‍රටාවකට යොමු වීමෙන් දිගින් දිගටම දරුවන් සීනි සහ ලුණු සහිත ආහාර වලට ඇබ්බැහිවීමට යාම නිසා අධිබර තත්වය ඇතිවී අධි රුධිර පීඩනය දරුවන් අතර වර්ධනය වී ඇත. නිරෝගිමත් ආහාර පුරුදු සහ ක්‍රියාකාරකම් වලට දරුවන් යොමු කිරීමෙන් මෙම තත්වය තව දුරටත් වර්ධනය වීම වලක්වා ගත හැකි බව ඔහු වැඩිදුරත් පවසා සිටියා.

නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව දායක වන ලෙස ජනපති දිස්ත්‍රික් සම්බන්ධීකරන සභාපතිවරුන් ට කියයි.

මෙරට නිෂ්පාදන ආර්ථිකය පනගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සභාපතිවරුන්ට දැනුම් දෙයි. 2024 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී නිශ්පාදන ආර්ථිකය ට අදාල ව්‍යාපෘති සදහා ප්‍රමුඛත්වයක් ලබා දෙන ලදී. දිස්ත්‍රික් මට්ටමෙන් වෙන් කරන ලද එම ප්‍රතිපාදන නිදහස් කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් සහ අකාර්‍යක්ශමතාව පිලිබදව මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කලේය.

සාකච්චාව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවති අතර ඒ සදහා දිස්ත්‍රික් සම්බන්දීකරන සභාපතිවරු සහ මුදල් අමාත්‍යන්ශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය. පසුගිය වසර කිහිපය තුල ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය නොවීම හේතුවෙන් ග්‍රාමීය ජනතාව ගැටලු රැසකට මුහුණපා ඇත. ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැය සදහා වෙන්කර ඇති ප්‍රතිපාදන නිසි අයුරින් නියමිත ප්‍රතිපාදන මත වැය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරනය කලේය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී දිස්ත්‍රික්කවල පවතින සංවර්ධන අවශ්‍යතා වලට ප්‍රමුඛතාව ලබා දෙමින් විශයභාර අමාත්‍යවරුද සම්බන්ද කර ගන්නා ලෙස දිස්ත්‍රික් සම්බන්දීකරන සභාපතිවරුන්ට ජනධිපතිතුමා උපදෙස් ලබා දුන්නේය.