ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමේ දී , තම කබායේ විශාල QR කේතයක් සහිත බොත්තමක් පැළඳ සිටි අතර ජාත්‍යන්තර මාධ්‍ය ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් ලබා දුන්නා.
කේතය ස්කෑන් කිරීමෙන් 2023 ඔක්තෝබර් 07 වන දින ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවල තොරතුරු දැක්වෙන වෙබ් අඩවියකට පිවිසීමට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ඔහු මහා මණ්ඩලය අමතමින් සිටියදී රාජ්‍ය නායකයන් පිරිසක් සභාවෙන් පිටතට ගොස් ගාසා වෙත එල්ල කරන ප්‍රහාර, වලට විරෝධය දක්වනු ලැබුවා.