ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ඉන්දියාව දිනා ගත්තා.
ඒ,අවසන් මහා තරගයේදී පාකිස්ථානය පරදවමින්.
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19.1කදී සියලුදෙනා දැවී ලකුණු 146ක් රැස්කිරීමට සමත් වුණා.
ඉන්දියාව කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.