ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ඉෂිබා ෂිගේරු මහතා අතර හමුව ටෝකියෝ නුවරදි සිදුව තිබෙනවා.
මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී අවදානය යොමු වුණා.
මෙම සාකච්ඡා සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.