ඊයේ (01 ) දිනයේ ලෝක ළමා දිනය සැමරීම සඳහා කසිප්පු පානය කර සිටි සතුටුවූ පාසල් සිසුන් තිදෙනකු මොනරාගල පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා.
මොනරාගල පාසලක 10 සහ 11 වසරවල සිසුන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සිසුන්ගේ මත් ගතිය හිඳෙන තුරු පොලිසියේ රඳවා ගෙන දැඩිව අවවාද කර දෙමවුපියන්ට බාර දීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණා.
මේ අතර මොනරාගල තවත් පාසලක සිසුන් පිරිසක් මත්ගුලි නිසා මත් ගතියෙන් සිටිය දී පොලිස් බාරයට ගෙන ඇති අතර පසුව ප්වුන්ට මත්ගුලි අලෙවි කළ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්ගමුව ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ද මත් ගුලි නිසා මත්ව සිටියදී විදුහල්පතිවරයා විසින් දඬුවම් කිරීමෙන් වැළකී පොලිසියට බාරදීමේ පුවතක් ද වාර්තා වනවා.
ඔවුන්ට දැඩිව අවවාද කර දෙමවුපියන් කැඳවා බාර දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
මේ අතර මොනරාගල ප්‍රදේශයේ තවත් පාසලක සිසුවෙක් ගුරුවරයාට කම්මුලට හොඳ හැටි පහරදුන් පුවතක් ද ඊයේ වාර්තා වනවා.
පහර කෑමට ලක්වූ ගුරුවරයා රෝහල්ගත කර තිබෙනවා.
දුරකතනයක් සහ පවර් බෑන්ක් එකක් එම සිසුවා සාක්කුවේ දමාගෙන සිටිනවා දැක ගුරුවරයා ඔහුව විනය බාර ගුරුවරයා වෙත රැගෙන යාමට උත්සහ කිරීමේදී ගුරුවරයාට පහරදී එම සිසුවා පාසලින් බැහැර වී තිබුණා.