Hot News

සමාජවාදී නැඹුරු වෙළඳපළ ආර්ථිකයකට පරිවර්තනය කරමින් ශ්‍රී ලංකාව එහි නවීකරණයට පියවර ගනිමින් සිටිනවා.

1986 දී ආරම්භ කරන ලද වියට්නාමයේ ප්‍රතිසංස්කරණවලට සමාන්තරව, රට සමාජවාදී-නැඹුරු වෙළඳපළ ආර්ථිකයකට පරිවර්තනය කරමින්, ශ්‍රී…

Hot News

ජගත් පරිසර දිනය වෙනුවෙන් කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් සිදුකරයි.

මෙය ජගත් පරිසර දිනය වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින් ආරම්භ වේ. මෙය පැල සිටුවා…

Hot News

ජගත් පරිසර දිනය වෙනුවෙන් වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

පරිසර සතියේ හයවන දිනය අදයි. අද වෙරළ පවිත්‍රතා දිනයයි. ඒ නිමිත්තෙන් වැඩසටහන් රැසක් දිවයින පුරා…

Hot News

සංචාරක හෝ⁣ටල් ආශ්‍රිත වෙරළ රැකබලා ගන්නා පුද්ගලයන් පත් කිරීමේ වැඩසටහනක් අරඹයි.

හෝටල් වෙරළ රැකබලා ගන්නන් පත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපවල පවිත්‍රතාව…

Hot News

මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමට ජනපති මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අතර හමුවක් පවත්වයි.

ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටකට සංවර්ධනය සදහා ලගාවිය නොහැක. සමාජ, දේශපාලන හා සංස්තිය යන කුලුනු…

Hot News

ජිනීවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්.

ජිනීවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ තෙවැනි දිනය අදයි.ඒ සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ මහතා…

සමාජවාදී නැඹුරු වෙළඳපළ ආර්ථිකයකට පරිවර්තනය කරමින් ශ්‍රී ලංකාව එහි නවීකරණයට පියවර ගනිමින් සිටිනවා.

1986 දී ආරම්භ කරන ලද වියට්නාමයේ ප්‍රතිසංස්කරණවලට සමාන්තරව, රට සමාජවාදී-නැඹුරු වෙළඳපළ ආර්ථිකයකට පරිවර්තනය කරමින්, ශ්‍රී ලංකාව එහි නවීකරණය සඳහා පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

වියට්නාමය සහ ශ්‍රී  ලංකාව සමඟ ආර්ථික සහයෝගීතාව, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ සංස්කෘතික හුවමාරුව කෙරෙහි අවධානය යොමු කරන බවයි ඇමතිවරයා පැවසූවේ.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වියට්නාමයේ හිටපු ජනාධිපති හෝ චි මිං (Ho Chi Minh) පිළිබඳ වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පසුගිය දා බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ සුගීශ්වර ශලාවේ දී පැවැත්වුණා. 

දේශපාලන මණ්ඩල සභික, පක්ෂ මධ්‍යම කාරක සභා ලේකම්, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරණය, අධ්‍යාපනය සහ මහජන බලගැන්වීම පිළිබඳ කොමිසමේ ප්‍රධානී Nguyen Thanh Nghi විසින් විශේෂ දේශනය සිදු කරනු ලැබුවා.

 “ජනාධිපති හෝ චි මිං සහ වියට්නාමය, ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය” නමින් දේශනයක් පැවැත්වුණා.

මෙම උත්සව අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ වියට්නාම, රුසියන්, කියුබා සහ චීන තානාපතිවරුන්, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මෙන් ම ශ්‍රී ලංකාවේ පක්ෂ රැසක නායකයින්, හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මීට එක්ව සිටියහ.  

ජගත් පරිසර දිනය වෙනුවෙන් කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් සිදුකරයි.

මෙය ජගත් පරිසර දිනය වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින් ආරම්භ වේ.

මෙය පැල සිටුවා රැකබලාගැනීමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරේ. කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැල සිටුවීම ආරම්භ කර ඇත.
“තක්කඩ පැල” 1600 ක් සිටුවීම අරම්භ කෙරුණා.

ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය යටතේ පැළ හය දහසක් දක්වා සිටුවීමට සැලසුම් කර ඇත. රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගිත්වයෙන් මෙය ක්‍රියාත්මක වේ.

කොළඹ නාගරික මන්ත්‍රී ව්‍රායි කලී බල්තසාර්, ජී.එම්. ආර්. ඩී. අපොන්සු යන මහත්ම මහත්මීන් සහ අනුග්‍රහක ආයතන වල නිලධාරින් මීට එක්ව සිටියහ.

එලෝන් මස්ක් හා ට්‍රම්ප් අර්බුදයට හේතුව මුදල් ප්‍රස්නයක් ද?

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චන්ද ව්‍යයාපාරයට සහාය වීමට එලොන් මස්ක් පොරොන්දු වූ ඩොලර් මිලියන 300 න් අවසාන ඩොලර් මිලියන 100 ලබා නොදී ඇති අතර, එය දෙදෙනා අතර ප්‍රබල විරසකයකට හේතුවී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සදහන් කරයි . අතුරුදහන් වූ එම අරමුදල් කොතැනද යන්න තේරුම් ගැනීමට ට්‍රම්ප්ගේ ප්‍රචාරක කණ්ඩායමට ද අපහසු වී ඇත.

ට්‍රම්ප්ගේ පරිපාලනය සහ ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ පිළිබඳ ඇතිවු කලකිරීම මධ්‍යයේ මස්ක්ගේ ඉවත්වීමේ තීරණයත් සමග මෙම තොරතුරු කරලියට පැමිණෙමින් තිබේ. මස්ක්ගේ පොරොන්දු වූ සහයෝගයේ අවසාන වාරිකය තවමත් නොගෙවා ඇති බව ට්‍රම්ප් උපදේශකයින් වෝල් ස්ට්‍රීට් ජර්නලයට ප්‍රකාශකර ඇත. එලාන් මසක් ගේ ඉවත්වීම ට්‍රම්ප් මහත් ව්යාකුලතාවයට පත්කර තිබුණි .

ජගත් පරිසර දිනය වෙනුවෙන් වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

පරිසර සතියේ හයවන දිනය අදයි.

අද වෙරළ පවිත්‍රතා දිනයයි. ඒ නිමිත්තෙන් වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

මීගමුව කලපුව පවිත්‍ර කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදුවිය.
ඒ සඳහා ගම්පහ අඩවි වන කාර්යාල නිලධාරීන් එක්වුණා.

සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් ඌරණීය වෙරළ පවිත්‍ර කිරීම සිදු කෙරුණු අතර පේදුරු තුඩුව වෙරළ තීරය පවිත්‍ර කිරීම රාජ්‍ය දැව සංස්ථාව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදුවුණා.


ඊට අමතරව උණවටුන වෙරළ තීරය මෝදර, මොරටුව ,කළුතර වෙරළ තීරය, පුත්තලම ,කල්පිටිය, නාත්තන්ඩිය, ගම්පහ ,ගාල්ල වෙරළ තීර පවිත්‍ර කිරීමේ වැඩසටහන්ද මීට සමගාමීව ක්‍රියාත්මක වුණා.

අධ්‍යාපන පද්ධතියේ ගැටලු විසඳීමට අනුකමිටු හයක් පත් කරයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සාකච්ඡා කර නිරාවරණය කර ගැනීම සදහා අනුකමිටු 6ක් පත් කෙරේ.

පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිලිබදව මතු වූ ගැටලු සලකා බලා මෙම කමිටු පත් කිරීමට තීරණය කල බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකමිටුව,   පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ගුණාත්මකතාවය පිළිබඳ අනුකමිටුව, අතරමැදි ශ්‍රේණි සඳහා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ අනුකමිටුව, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකමිටුව, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුව සහ නිපුණතා අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුව එම කමිටු 6 යි.

මන්ත්‍රීවරුන්ගේ යෝජනා සහ අදහස් මෙම  කමිටු හරහා අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කිරීමට හැකියාව ඇත. විශේෂයෙන් ආබාධ සහිත ශිෂ්‍ය ශීෂ්‍යාවන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමේදී බලපාන ගැටලු සහ ගුරු පුරප්පාඩු පිලිබදව විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

උපදේශන කාරක සභාවේදී ඒ ඒ දිස්ත්‍රික්කයන් ට අදාල කරුණු මත්‍රීවරුන් විසින් මතු කරනු ලැබුවා. ඒවාට සුදුසු පියවරයන් ගැනීමට සාකච්ඡා වුනා. මෙම උපදේශන කාරක සභා මගින් මන්ත්‍රීවරුන්ට නිලධාරීන් සමග සාකච්ඡා කර ඒ ඒ දිස්ත්‍රික්කයන්හි පවතින ගැටලුවලට මෙම කාරක සභාව මගින් පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාව උදා වෙනවා.

ආණ්ඩුව සහ රාජ්‍ය වියදම් අතර ඒකාබද්ධතවයකින් දිස්ත්‍රික්ක මට්ටමින් සහ ජාතික මට්ටමින් පවතින ගැටලු මෙම කමිටුවට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබීම වැදගත් බව නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා මෙහිදී පැවසුවා.

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසුවේ පාර්ලිමේන්තු උපදේශක සභාව තුල දී එම මොහොතේම ක්ෂණිකව ගත හැකි තීන්දු තීරණ එම මොහොතේම ක්‍රියාත්මක කරන බවයි.

මෙමගින් මැති ඇමතිවරුන් ට තමන්ගේ ප්‍රදේශවල සහ ජාතික ප්‍රශ්න එකම සාකච්ඡා මණ්ඩපයකදී විසදා ගැනීමේ අවස්තාව උදා වෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

සංචාරක හෝ⁣ටල් ආශ්‍රිත වෙරළ රැකබලා ගන්නා පුද්ගලයන් පත් කිරීමේ වැඩසටහනක් අරඹයි.

හෝටල් වෙරළ රැකබලා ගන්නන් පත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.

සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපවල පවිත්‍රතාව රැක ගැනීම මෙහි මූලික අරමුණයි. සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය හා අදාළ සංචාරක හෝටල් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සිදු කෙරිණ.

“සුන්දර වෙරළ තීරයක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන තේමාවට අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ රාජ්‍ය ,පෞද්ගලික හා මහජන යන අංශ ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි. දිවයින පුරා විහිදී ඇති වෙරළ තීරය ආරක්ෂා කරගැනීම සංචාරක කර්මාන්තයට ප්‍රධාන වශයෙන් ඉවහල් වේ. 

සමුද්‍ර සංරක්ෂණ ප්‍රධාන සැලැස්මේ කොටසක් ලෙස අන්තර්ජාතික මට්ටමින් පිළිගැනෙන බ්ලූ ෆ්ලැග් සහතිකය ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට මෙම ව්‍යාපෘතිය දායකවේ. 

සංචාරක ආශ්‍රිත හෝටල් වෙරළ කලාප රැක බලාගැනීම වෙනුවෙන් ප්‍රදේශයේ පුද්ගලයෙකු පත් කරන අතර ඒ වෙනුවෙන් ඔහුට දීමනාවක් හිමිවේ.

කටුනායක සිට කොළඹට පැය 24 පුරා බස් රථ සේවාවක් ආරම්භ කෙරේ.

පැය 24 පුරා ක්‍රියාත්මක කොළඹ – කටුනායක බස් රථ සේවාවක් ආරම්භ කෙරේ.

ඊයේ ආරම්භ වූ මෙම බස් රථ සේවාව රජයේ මගපෙන්වීම යටතේ ගුවන්තොටුපොළ අධිකාරිය සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ක්‍රියාත්මක වේ.


මීට පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොලෙන් ගමන් ආරම්භ කළ බස් රථය නව වැඩපිලිවෙලත් සමග ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.


ඉදිරියේදි ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට කටයුතු කරන අතර බස් රථවල සේවක මහතුන් හට ජනතා හිතවාදි නිසි සේවයක් සැපයීමට නිසි පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පවසයි.


කටුනායක සිට කොළඹ බලා පැමිණෙන මඟීන් සඳහා අයකරනු ලබන්නේ රු.290ක් පමණ මුදලකි.

මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමට ජනපති මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අතර හමුවක් පවත්වයි.

ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටකට සංවර්ධනය සදහා ලගාවිය නොහැක. සමාජ, දේශපාලන හා සංස්තිය යන කුලුනු තුනෙහිම සංවර්ධනය වී එකවර ඉහලට එසවිය යුතු ඇතැයි ජනාධිපති ානුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සදහන් කලේ අද මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමග මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේදී ය.

චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල් වල විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කලේ පොදු ජනතාව සමග යුග කිහිපයක් පුරා නිරතවූ සාමූහික ප්‍රයත්නක ප්‍රතිඵලයක් ලෙසයි.

රටක් සංවර්ධනය සදහා ගෙන යාමේදී සියලු දෙනාටම අනන්‍ය වගකීමක් ඇත. ඉලක්ක ලගා කර ගත හැක්කේ සාමූහික ප්‍රයත්නයක් තුලින් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

දේශපාලන අධිකාරිය ලෙස තම මතය පමනක් නිලධාරීන් මත පැටවීමක් සිදු නොකරන බවත් විශේෂඥ දැනුම සහිත නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය අතර සිදු කෙරෙන විධිමත් සාකච්ඡා වලින් අවශ්‍ය තීර්ණ ගන්නා බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කලේ.

අත්තෝමතික දේශපාලන මැදහත් වීම් නිසා ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අසාර්ථක වූ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කලා.

උපායමාර්ගික වැදගත්කමින් යුත් ක්ශේත්‍ර රජය යටතේ පවත්වාගෙන යනවා සේම රජයේ මූලික ප්‍රතිපත්තිය මත පිහිටා අදාල ආයතන වල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇති කළ හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන එක්සත් ජනපදයෙන් පනවා ඇති නව තීරුබදු මෙන්ම, 2027 වසරේ GSP+ සහන වැසඩසටහන පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ අවධානයට ලක් කරා.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,  මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු ඇතුලු මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්  එක්වුනා.

ජිනීවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්.

ජිනීවා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ තෙවැනි දිනය අදයි.ඒ සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටිනවා.

එහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඉන්දීය නියෝජිත පිරිස සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා එහිදී අවිධිමත් අංශයේ සමාජ ආරක්‍ෂණය පිළිබඳව අවධානය යොමු කර ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසනවා.

අවිධිමත් අංශයේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ඉන්දියාවේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්දීය නියෝජිත පිරිස ප්‍රකාශ කළා.


ශ්‍රී ලංකාවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවද එම වැඩපිළිවෙල දියත් කිරීම සඳහා ඉන්දීය සහය අපේක්ෂා කරන බවයි.ඒ සඳහා ඉන්දීය නියෝජිත පිරිස එකඟතාවය පළ කළහ.


දෙරට අතර යෝජිත සමාජ ආරක්ෂණ සම්මුතිය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්වුණු අතර ඒ සම්බන්ධයෙන් කඩනමින් එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවයේම එකඟතාවය පළ වුණා.

ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳව දෙරටේ සාකච්ඡාවට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය තුරන් කිරීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මෙම ද්පාර්ශ්වික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවාහි මෙරට මහ කොමසාරිස් හිමාලි කරුණාතිලක ඇතුළු කම්කරු අමාත්‍යංශය නිලධාරින් පිරිසක් එක් වූ අතර ඉන්දීය කම්කරු හා රැකියා අමාත්‍යාංශයේ උප ඇමති සහ ලේකම් මන්දනා ගුර්නානි මෙනවිය සමග ජිනීවාහි ඉන්දීය තනාපති අරින්දම් බාග්ජි සහ ඉන්දීය කම්කරු හා රැකියා අමාත්‍යාංශයේ පිරිසක් එක්වුනා.

ප්‍රංශ තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රි ලංකාවේ බලශක්ති ප්‍රවර්ධනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳව සාකච්ඡාවක් ඊයේ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.

මේ සාකච්ඡාව සඳහා ප්‍රංශ තානාපති රේම් ලැම්බර්ට් මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර විය.


මෙහිදි දෙරට අතර බලශක්ති සහයෝගීතාවය වැඩි දියුණු කිරීම පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.


සූර්‍ය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීමට , බලාගාර ආශ්‍රිතව ජලාශ වල ජල ධාරිතාව ඉහල නැංවීම , බලශක්‍ති කාර්‍ය්ක්ෂමතාවය වැඩිදියුණු කිරීම, තාක්ෂණික හා මුල්‍යමය සහයෝගීතාව පිලිබද මෙහිදි මූලීක වශයෙන් සාකච්ඡා කෙරුණි.

පරිසර හිතකාමී නව බලශක්ති ප්‍රවර්ධනය සඳහා ගත හැකි නව ක්‍රියාමාර්ග පිලිබදව ද දෙපාර්ශවයේ සාකච්ඡාවේදී අවධානය යොමු විය.


ප්‍රංශ තනාපති කාර්‍යාලයේදි නියෝජිත පිරිසක්ද මේ අවස්ථාවට එක් විය.