ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගයෙන් කඩුලු 06ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක රශිඩ් ඛාන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 169ක් රැස් කළා.
නුවන් තුෂාර ලකුණු 18කට කඩුලු 4ක් සිය පන්දුවාර 4 තුළදී දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 04 ක් දැවී ජයග්‍රහණය ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුණා.



