Hot News

ලු‍ණු ලේවායේ තොරතුරු තාක්ෂණ නිලධාරියා අයිස් එක්ක හසුවේ

හම්බන්තොට ලු‍ණු ලේවායේ තොරතුරු තාක්ෂණ නිළධාරියෙකු අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 270ක් සමග හම්බන්තොට මුලස්ථාන…

පිටකොටුවේ විදුලි ට්‍රාන්ස්ෆෝමර් දෙකක ගින්නක්

පිටකොටුවේ විදුලි ට්‍රාන්ස්ෆෝමර් දෙකක ගින්නක් ඇතිව තිබෙනවා.

ගිනි නිවා දැමීම සඳහා ගිනි නිවීමේ රථ යොදවා ඇති බව වාර්තා වනවා.

ආගමන හා විගමන පාලකට වසර දෙකක සිරදඬුවම්

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ, අධිකරණයට අපහාස කළේ කිරීමේ චෝදනාවටයි.

ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණ ද එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි ඔහුට චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

ලු‍ණු ලේවායේ තොරතුරු තාක්ෂණ නිලධාරියා අයිස් එක්ක හසුවේ

හම්බන්තොට ලු‍ණු ලේවායේ තොරතුරු තාක්ෂණ නිළධාරියෙකු අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 270ක් සමග හම්බන්තොට මුලස්ථාන පොලිස් කණ්ඩායමක් විසින් 21 දින සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට බැරැක් විදියේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය කාලයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගනිමින් සිටියා.

ස්පයිඩර් මෑන් බිම වැටී රෝහලේ

ස්පයි­ඩර් මෑන් සුප්‍ර­කට ක්‍රියා­දාම චිත්‍ර­ප­ට­මා­ලාවේ නව­තම නිර්මා­ණය වන Spider-Man: Brand New Day චිත්‍ර­ප­ටයේ පීටර් පාකර් හෙවත් ස්පයි­ඩර් මෑන්ගේ චරි­ත­යට පන පොවන බ්‍රිතාන්‍ය නළු ටොම් හෝලන්ඩ් රූගත කිරීම් අත­ර­තුර තුවාල ලැබී­මෙන් රෝහ­ල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වෝනර් බ්‍රදර්ස් චිත්‍ර­පට සමා­ගම හිමි­කා­රී­ත්වය දරන ලන්ඩන් නුවර ලීව­ස්ඩන් චිත්‍රා­ගාර සංකී­ර්ණයේ සිදු කළ රූගත කිරී­ම­කදී බිම ඇදවැටී හෝලන්ඩ්ගේ හිසට තුවාල සිදුවී ඇති අතර, ඔහු වහාම රෝහ­ල්ගත කිරී­මට පිය­වර ගත් බව එහි නිෂ්පා­දක කණ්ඩා­යම ප්‍රකාශ කර තිබුණා.

ඔහුගේ තත්ත්වය බර­ප­තළ නොවූ­වද, එම අන­තුර හේතු­වෙන් චිත්‍ර­ප­ටයේ වැඩ­ක­ට­යුතු සති ගණ­නා­ව­කට අත්හි­ටු­වී­මට සිදු­වනු ඇතැයි ද cjhannel 7 නාලිකාවේ WAKE UP TO 7 වැඩසටහනේ දී සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 9,888ක් 

තංගල්ල ප්‍රදේශයේ දී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ බව පොලීසිය සඳහන් කරනවා.

හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක් මෙහිදී සොයා ගත්තා.

ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන උනාකූරුවේ ශාන්ත නැමැති අපරාධකරු විසින් මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බවවිමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

ජනපති දිවයිනෙන් පිටත් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ලබන 24 වනදා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් හසුවේ

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් තංගල්ල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

ජනපති ’27’ ජපානයට

ජනාධිපති අනුර කුමාර දිසානායක ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනාවකට අනුව එළැඹෙන 27 සිට 30 දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

ජනාධිපතිවරයා එහිදී ජපන් අධිරාජ්‍යයා හමුවීමට ද ජපන් අග්‍රාමාත්‍යවරයා සමග සමුළු කිහිපයකට සහභාගී වීමට ද සැළසුම් කර තිබෙනවා.

එක්පෝ 2025 ප්‍රදර්ශනය සඳහාද ජනාධිපතිවරයා එක්වන බවයි වාර්තා වන්නේ.

රන් පැහැති මැගසින් 02ක් සමග තවත් රැසක් හසුවේ

සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ රන් පැහැති මැගසින් 02ක්, පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ උණ්ඩ 115ක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

මෙම ගිනිඅවි සහ උණ්ඩ බැකෝ සමන් විසින් සම්පත් මනම්පේරිට ලබා දී ඇත්තේ මාස දෙකකට පමණ පෙර බවත් ඔහු හිතවතියකගේ නිවසක ඒවා සැඟවූ බවත් පාපොච්ඡාරණය කර තිබෙනවා.