Foreign NewsHot News

සයිබර් ප්‍රහාර හේතුවෙන් ගුවන්තොටුපොළ රැසක කටයුතු අඩාලවේ

සයිබර් ප්‍රහාර හේතුවෙන් හීතෘ, බ්‍රසල්ස්, බර්ලින් ඇතුළු ගුවන්තොටුපොළ රැසක කටයුතු අඩාලව ඇති බව විදෙස් මාධ්‍ය…

ජනපති හෙට අමෙරිකාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (22) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, (24) බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමටද නියමිතයි.

ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග හමුවකටද සහභාගී වනු ඇති.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක් වනවා.

ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් ගැටුම අද

ඉන්දියාව හා පාකිස්තානය අතර ආසියානු කුසාලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තරගය අද (21) පැවැත්වෙනවා.

ඉන්දියාව හා පාකිස්තානය මෙම තරගාවලියේදී එකිනෙකා මුණ ගැහෙන දෙවැනි අවස්ථාවයි මේ.

මීට පෙර තරගයෙන් ඉන්දියාව ජය ගත්තා.

කරන්දෙණිය සභාපති අභාවප්‍රාප්ත වෙයි

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ මහතා අද (21) උදෑසන ශරීර සුවතා කටයුතුවල නිරතවෙමින් සිටියදී හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, කරන්දෙණිය බොරලන්ද රෝහලේදී.

ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක් තද වැසි

අද (21) දිනයේත් බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය ජය ගනී

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4ක ජයක් ලබා ගත්තා.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ නායක ලිටන් දාස් සමත් වූ අතර ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 168ක් ලබා ගත් අතර බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6ක් දැවී ජය වාර්තා කළා.

දසුන් ශානකගේ දර්ශනීය පිතිකරණය නිසා 169ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා.

දසුන් ශානක නොදැවී පන්දු 37කදී ලකුණු 64ක් ලබාගැනීමට සමත්වුණා.

දුනිත්ගේ පියාණන් සිහිකර නිහඬතාවක් රකිමින් තරගය ඇරඹේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක ලිටන් දාස් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

තරගය ආරම්භයේ දී දුනිත් වෙල්ලාලගේගේ පියාගේ හදිසි වියෝව හේතුවෙන් විනාඩියක නිහඬතාවක් ද පවත්වනු ලැබුවා.

සයිබර් ප්‍රහාර හේතුවෙන් ගුවන්තොටුපොළ රැසක කටයුතු අඩාලවේ

සයිබර් ප්‍රහාර හේතුවෙන් හීතෘ, බ්‍රසල්ස්, බර්ලින් ඇතුළු ගුවන්තොටුපොළ රැසක කටයුතු අඩාලව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගුවන් ගමන් ප්‍රමාදයන් මෙන්ම ගුවන් ගමන් අවලංගු වීම් ද මේ හේතුවෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මේ අතර කටුනායක පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ‘දේශසීමා පාලන පරිගණක පද්ධතිය’ ද කිසියම් හේතුවක් නිසා පස්වරු 01.45ට පමණ අක්‍රිය ව තිබූ අතර පැය 02කට පසු දෝෂය යථා තත්ත්වය පත් කර තිබුනා.

සුපිරි 4 දෙනාගේ වටය ආරම්භ කරමින් ‘ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය’ අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (20) රාත්‍රී 8ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

දිවයිනෙන් බැහැරව ගිය දුනිත් වෙල්ලාලගේ ද ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට සූදානමින් සිටිනවා.

ශ්‍රී ලංකාව 23වනදා පාකිස්තානයට එරෙහිව ද සැප්තැම්බර් 26වනදා ඉන්දියාවට එරෙහිව ද තරග කිරීමට නියමිතයි.

ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (20) බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.