Hot News

කෝටි හතක මුදලක් වංචා කිරීමේ චෝදනාවට හිටපු ඇමති රිමාන්ඩ්

කෝටි හතක මුදලක් වංචනිකව පරිහරණ කිරීමේ චෝදනාවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සබරගමුව පළාත්…

Sport News

අද තරගය තීරණාත්මකයි – පැරදුණොත් සුපිරි හතර දෙනාගේ වටය අවිනිශ්චිතයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (19) රාත්‍රී 8.00ට අබුඩාබිහිදී…

Hot News

අද කාලගුණය ගැන සැලකිලිමත් වන්න – ගිගුරුම් සහිත වැසි වැටෙන තැන් මෙන්න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ…

Hot News

ඇමති විජිත.. හිටපු ජනපති රනිල්..හිටපු ඇමති රාජිත ඇතුලු පිරිස එකට මුණ ගැහුණු මොහොත

අමාත්‍ය විජිත හේරත්, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (17) මංගල සාදයකදී…

ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්

ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින් වූ මුහුදේ අද (18) සවස 4:06ට පමණ රික්ටර් මාපකයේ 3.9ක ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

.

මහකනදරාව, හක්මණ, පල්ලෙකැලේ සහ බුද්ධංගල යන ප්‍රදේශවල සවිකර ඇති භූ කම්පන මානවල එය සටහන්ව ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ .

කෝටි හතක මුදලක් වංචා කිරීමේ චෝදනාවට හිටපු ඇමති රිමාන්ඩ්

කෝටි හතක මුදලක් වංචනිකව පරිහරණ කිරීමේ චෝදනාවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ද ඔක්තොම්බර් මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මහතා අද නියෝග කළා.

පළාත් මහාමාර්ග අමාත්‍යංශය මගින් 2016 සහ 2017 වර්ෂ සඳහා වෙන් කරන ලද මුදල් මගින් සිදු කරන ලද ව්‍යාපෘති 77කට අදාළව ව්‍යාපෘති සිදු නොකර රුපියල් 71,645,226.32ක මුදලක් රජයට පාඩුවන අන්දමින් කටයුතු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල කර තිබෙනවා.

ලංවීම සේවකයින්ගේ වර්ජනය නිසා දැඩි රථවාහන තදබදයක්

ලංවීම සේවකයින් විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක නිරතව සිටින අතර මේ හේතුවෙන් ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතිනවා.

එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක්

වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක් ලැබි ඇති අතර මේ වන විට ලුණු අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්මවිය හැකි මට්ටමක පවතින බව ලුණු නිෂ්පාදකයෝ සඳහන් කරනවා.

පසුගිය වසර කිහිපයේ මහ වැසි සමග පුත්තලම ලුණු නිෂ්පාදනය සම්පුර්ණයෙන් නැවති ගොස් ලුණු ලේවායන් වැසි ජලයෙන් යටවි කර්මාන්තය අඩාල වූ අතර අවශ්‍ය ලුණු තොග විදෙස් රටවලින් ආනයනය කිරීමට ද සිදු වුණා.

දියවඩන නිලමේ තේරීම සඳහා වූ නිලවරණය නොවැම්බර් මස 7 ?

මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීම සඳහා වූ නිලවරණය නොවැම්බර් මස 7 වන දින හෝ ආසන්න දිනයක දී පැවැත්වීමට නියමිතයි.

මේවන විට දියවඩන නිලමේ තේරීම සඳහා වූ නිලවරණයට ඉදිරිපත් වීම සඳහා කිහිප දෙනෙකුම සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

තුසිත හල්ලොලුවට ඇප

තුසිත හල්ලොලුව ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ඔහු තමා ගමන්ගත් වාහනයට වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

සැකකරු විදේශගත වීම ද අධිකරණය විසින් තහනම් කරනු ලැබුවා.

අද තරගය තීරණාත්මකයි – පැරදුණොත් සුපිරි හතර දෙනාගේ වටය අවිනිශ්චිතයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (19) රාත්‍රී 8.00ට අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතයි,

අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබනවා.

ලකුණු 71කට වැඩි සංඛ්‍යාවකින් හෝ පන්දුවාර 11යි එක් පන්දුවකට පෙර ශ්‍රි ලංකාව පරාජයට පත්වුවහොත් බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇති.

ප්‍රධාන රෝහල් පහක පිළිකා ප්‍රතිකාර ඇනහිටී ?

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදෙන ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර මිලදී ගැනීමේ දෙවන අදියර ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රධාන රෝහල් පහක පිළිකා ප්‍රතිකාර ඇනහිට ඇතැයි අද (18) දිවයින පුවත්පත උපුටා දක්වමින් Channel 7 නාලිකාවේ WAKE UP TO 7 වැඩසටහනේ දී සඳහන් කළා.

පසුගිය ජනවාරි මාසයේ මෙම මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතත් එම යන්ත්‍ර වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදී නැතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කළ ප්‍රකාශයක් මෙම පුවතට පාදකවී තිබුණා.

මෙම යන්ත්‍ර මිලදී ගැනීමට රජය ඇමරිකානු ඩොලර් මිලියන 10 කට ආසන්න මුදලක් වෙන්කර තිබෙනවා.

දෙවැනි අදියර යටතේ අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, හම්බන්තොට සහ රත්නපුර රෝහල් සඳහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරනවා.

අද කාලගුණය ගැන සැලකිලිමත් වන්න – ගිගුරුම් සහිත වැසි වැටෙන තැන් මෙන්න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ප.ව. 1.00න් පමණ පසුව සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන්.

ඇමති විජිත.. හිටපු ජනපති රනිල්..හිටපු ඇමති රාජිත ඇතුලු පිරිස එකට මුණ ගැහුණු මොහොත

අමාත්‍ය විජිත හේරත්, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (17) මංගල සාදයකදී හමුවී තිබෙනවා.

එම අවස්ථාවේ සේයා රූ පහතින් නැරඹිය හැකියි.