Hot News

තල්දියාවල සිරි නන්දනාරාම පුරාණ විහාරයේ බුදු පිළිමය නිරාවරණය කරයි

අතුරුගිරිය තල්දියාවල සිරි නන්දනාරාම පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකළ බුදු පිළිමය නිරාවරණය කිරීම සිදු කෙරුණා. ඒ,…

තල්දියාවල සිරි නන්දනාරාම පුරාණ විහාරයේ බුදු පිළිමය නිරාවරණය කරයි

අතුරුගිරිය තල්දියාවල සිරි නන්දනාරාම පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකළ බුදු පිළිමය නිරාවරණය කිරීම සිදු කෙරුණා.

ඒ, රාමඤ්ඤ නිකායේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමියන්ගේ සහභාගිත්වයෙන්

විහාරස්ථානයේ විහාර මන්දිරය තුළ අභිනමයෙන් බුදුපිළිම වහන්සේ සහ සැරියුත් මුගලන් ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කර තිබෙනවා.

බුදුපිළිම වහන්සේ නිරාවරණය කිරීම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමියන් විසින් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදු කළා.

තල්දියාවල සිරි නන්දනාරාම පුරාණ විහාරයේ විහාරාධිපති කිරිඳිකැටියේ සීලවංශ ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

ප්‍රඥා ප්‍රදීප පෝදා සජීව විකාශය ඔලබොඩුව රාජමහා විහාරයේ සිට

වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී යි.

වප් පොහෝ දින Channel 7 ප්‍රඥා ප්‍රදීප පෝදා සජීව විකාශය මෙවර රයිගම්පුර ඓතිහාසික ඔලබොඩුව රාජමහා විහාර පුන්‍ය භූමිය මූලික කරගනිමින් අද දවස පුර දාන ශිල, භාවනා වැඩසටහන් රැසක් පැවැත්විමට කටයුතු කර තිබෙනවා.

පළමුවෙන්ම ශීල සමාදානය, අනුශාසනය හා බුද්ධ පූජාව පැවැත්වූයේ මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ බස්නාහිර පලාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ඔලබොඩුව රජමහා විහාරාධිපති, ඉතාලියේ මිලානෝ නුවර ලංකාරාමාධිපති, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඔලබොඩුවේ ධම්මික නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විසිනි.

කාන්තා ලෝක කුසලාන තරගයෙන් ඉන්දියාවට ලකුණු 88ක ජයක්

ඉන්දියාව සහ පාකිස්තානය අතර අද පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගය ලකුණු 88කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

පළමුවෙන්ම පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 247 ක් ලබාගත් අතර පාකිස්තානයට ලබාගත හැකි වුයේ ලකුණු 159ක් පමණයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර අද තරගයේදීත් අතට අත නෑ

ඉන්දියාව සහ පාකිස්තානය අතර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.

එහිදී නායිකාවන් දෙපළ අතට අතදීමෙන් වැළකී සිටි අතර ආසියානු කුසලාන පිරිමි කණ්ඩායම් අතර තරගයේ දී ද මෙම තත්ත්වයම උද්ගත වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (5) තරගය පැවැත්වෙනවා.

සම්පත් මනම්පේරි ගැන ජොන්ස්ටන්ගෙන් ප්‍රකාශයක්

සම්පත් මනම්පේරි තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

එවැනි බොරු ප්‍රකාශ කරමින් මඩ ප්‍රහාර දෙන කණ්ඩායමට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවයි ඔහු සඳහන් කරන්නේ.

“දැන් කියනවා මගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මනම්පේරි කියන පුද්ගලයා කියලා. මතක තියා ගන්න. මම සම්බන්ධීකරණ ලෙකම්වරු පත් කළේ මේ දිස්ත්‍රික්කයේ අය පමණයි”

“මේ බලන්නේ කොහෙන් හරි පහර දෙන්න. අපට තවම නීතිය පිලිබඳ දැඩි විශ්වාසයක් තියනවා.” යනුවෙන් ද ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවා.

ලොරියක් බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

අද (05) අලුයම නාරම්මල නගරය ආසන්නයේදී ලොරි රථයක් අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොරි රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

ලොරි රථයේ රියදුරු ,පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් මෙම අනතුරෙන් මියගොස් ඇති අතර තවත් කාන්තාවක් සහ දැරියන් දෙදෙනෙක් කුරුණෑගල රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබනවා.

ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තද වැසි

අද (05) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත් ඒ සමඟ ඇති විය හැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවෙව්දනයේ සඳහන් වනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තද වැසි ඇති විය හැකි බව ඔවුන් දැනුම් දෙනවා.

අමෙරිකාවේ විශාලම තෙල් පිරිපහදුවක ගින්නක්

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.

අමෙරිකා වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ මෙය හටගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, තෙල්  පිරිපහදුවේ ගිනිදැල් සැතපුම් ගණනක් දුර ඉහළ අහසේ දර්ශනය වන බවය.

ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර, පිපිරීමක් පිළිබඳ වාර්තාවීමත් සමග ගිනිනිවන භටයින් පිරිපහදුවට කඩිනමින් පැමිණ ගිනිනිවීම් කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් මහජන ආරක්ෂාවට ක්ෂණික තර්ජනයක් නොමැති වුවත්, ජනතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙස දැනුම්දී ඇත.

මෙම පිරිපහදුව දළ වශයෙන් වර්ග කිලෝමීටර් 3.9ක ප්‍රදේශයක් ආවරණය කරන අතර, එහි කිලෝමීටර් 1,770කට වඩා දිග නල මාර්ග පද්දතියක් තිබේ.

1911 සිට ක්‍රියාත්මක මෙම පිරිපහදුවෙන් දිනකට බොරතෙල් බැරල් 290,000ක් පිරිපහදු කිරීමේ හැකියාවක් ඇත.

නාවික හමුදා භාරයට ගත් රත්‍රං තොගය

නීතිවිරෝධී ලෙස ගෙන ආ රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය අරච්චල් මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් සහ රත්‍රං තොගය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
 
සැකකරුවන් සන්තකයේ තිබී රත්‍රං කිලෝ 4යි ග්‍රෑමි 454ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අදාළ රත්‍රං ප්‍රවාහනයට යොදාගත් කුඩා බොට්ටුවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්ය.

ඉතා සූක්ෂම ආකාරයෙන් මාලු දැල්වලට යෙදන ඊයම් ලෙස මෙම රත්‍රං තොගය රැගෙන යාමට සුදානම්කර තිබූ බව නාවික හමුදාව පැවසුවේය.

සැකකරුවන් කල්පිටිය, වෙන්දේසි වත්ත සහ ආනවාසල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය. 

ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික ගමගේ එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා

ඉන්දියාවේ පැවැත්වෙන පැරා ලෝක මලල ක්‍රීඩා උළෙලේදී T44 දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික ගමගේ එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා