Hot News

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන…

Hot News

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ‘ටිංකර්’ කටුනායකදී අත්අඩංගුවට

ශ්‍රීදරන් නිරන්ජන් නොහොත් ‘ටිංකර්’ නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර අද…

Hot News

මහි­න්දගේ ආර­ක්ෂක ලෙස ඉද්දී සහල් ලොරි­යක් කොල්ලකාලා

මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ අයිස් කන්ටේ­නර් දෙකක් සඟවා තබා­ගැ­නීමේ සිද්ධියේ සැක­ක­රු­වකු වන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පළාත්…

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පැමිණි අවස්ථාවේදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව කනස්සල්ලෙන්

ඇතැම් පුද්ගලයින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිර සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකිරීමෙන් දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි එම කොමිෂන් සභාව දැනුම් දෙනවා.

එමෙන්ම කොමිෂන් සභාව පිළිබඳ වැරදි සහගත ප්‍රචාර සිදුකරන හෝ අවමන් කරන පුද්ගලයින් හෝ ආයතන සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පසුබට නොවනු බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙරට දී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරග නැරඹීම නොමිලේ

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන තරග අද (02) ආරම්භ වනවා.

ඒ,කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තරගයත් සමගයි.

මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වනවා.

කසිප්පු බී, ගුලි කා, ගුරුවරුන්ට පහර දී සිසුන් ළමා දිනය සැමරූ හැටි

ඊයේ (01 ) දිනයේ ලෝක ළමා දිනය සැමරීම සඳහා කසිප්පු පානය කර සිටි සතුටුවූ පාසල් සිසුන් තිදෙනකු මොනරාගල පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා.

මොනරාගල පාසලක 10 සහ 11 වසරවල සිසුන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිසුන්ගේ මත් ගතිය හිඳෙන තුරු පොලිසියේ රඳවා ගෙන දැඩිව අවවාද කර දෙමවුපියන්ට බාර දීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණා.

මේ අතර මොනරාගල තවත් පාසලක සිසුන් පිරිසක් මත්ගුලි නිසා මත් ගතියෙන් සිටිය දී පොලිස් බාරයට ගෙන ඇති අතර පසුව ප්වුන්ට මත්ගුලි අලෙවි කළ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්ගමුව ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ද මත් ගුලි නිසා මත්ව සිටියදී විදුහල්පතිවරයා විසින් දඬුවම් කිරීමෙන් වැළකී පොලිසියට බාරදීමේ පුවතක් ද වාර්තා වනවා.

ඔවුන්ට දැඩිව අවවාද කර දෙමවුපියන් කැඳවා බාර දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

මේ අතර මොනරාගල ප්‍රදේශයේ තවත් පාසලක සිසුවෙක් ගුරුවරයාට කම්මුලට හොඳ හැටි පහරදුන් පුවතක් ද ඊයේ වාර්තා වනවා.

පහර කෑමට ලක්වූ ගුරුවරයා රෝහල්ගත කර තිබෙනවා.

දුරකතනයක් සහ පවර් බෑන්ක් එකක් එම සිසුවා සාක්කුවේ දමාගෙන සිටිනවා දැක ගුරුවරයා ඔහුව විනය බාර ගුරුවරයා වෙත රැගෙන යාමට උත්සහ කිරීමේදී ගුරුවරයාට පහරදී එම සිසුවා පාසලින් බැහැර වී තිබුණා.

සංග්‍රාමික උපකරණ තොගයක් වෙහෙරගල ජලාශයේ

කතරගම වෙහෙරගල ජලාශයේ තිබී පතුරම් පුරවා ඇති බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් සොයාගත් බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඊට අමතරව T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ ඇතුළු හ මැගසින් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක යළිත් දිවයිනට

ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01)උදෑසන ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-403 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරයට සහභාගී වීම සඳහා සැප්තැම්බර් මස 22 වන දින දිවයිනෙන් පිටව ගිය ජනාධිපතිවරයා පසුව ජපාන රජයේ ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත වුණා.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වුණා.

ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ‘ටිංකර්’ කටුනායකදී අත්අඩංගුවට

ශ්‍රීදරන් නිරන්ජන් නොහොත් ‘ටිංකර්’ නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර අද උදෑසන දිවයිනට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහුව පෑලියගොඩ පොලිසියට බාරදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.


මධ්‍යම පිලිපීනයේ භූකම්පනයකින් 26ක් මරුට

මධ්‍යම පිලිපීනයේ රික්ටර් මාපකයේ 6.9 ක භූමිකම්පනයක් ඇතිව තිබෙනවා.

සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් හටගත් මෙම භූකම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති අතර 147 දෙනෙකු තුවාල ලබා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මහි­න්දගේ ආර­ක්ෂක ලෙස ඉද්දී සහල් ලොරි­යක් කොල්ලකාලා

මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ අයිස් කන්ටේ­නර් දෙකක් සඟවා තබා­ගැ­නීමේ සිද්ධියේ සැක­ක­රු­වකු වන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පළාත් පාලන අපේ­ක්ෂක සම්පත් මන­ම්පේරි නමැත්තා මෙයට අවු­රුදු 16කට පෙර ද්‍රවිඩ ව්‍යාපා­රි­ක­යකු බිය­ගන්වා සහල් ලොරි­යක් කොල්ල­කෑමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ මහා­ධි­ක­ර­ණය ඊයේ (30) වරෙන්තු නිකුත් කළා.